කොටි සංවිධානයට පණ දෙන්න හදන 40ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්


ත්‍රස්තවාදය මෙරට තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීමෙන් පසුව කොටි ඩයස්පෝරාව සමඟ එක්ව නැවත වරක් රට තුළ ත්‍රස්තවාදය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධායකයන් 40 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.

news sri lanka Wednesday, May 28, 2014
තොරතුරු වෙළෙඳපොළ ඒකාධිකාරයේ ගැටුම සහ අපි
SOPA හා SOPA යනු මෑත යුගයේ වැඩියෙන් ම ජාත්‍යන්තර කතාබහට ලක්‌ව ඇති ජනප්‍රියම තේමාවන් දෙකකි. SOPA (STOP ONLINE PIRACY ACT) සන්ධිත අන්තර්ජාල ප්‍රකාශන සොරකම් වැළැක්‌වීමේ පනත හා SOPA (PROTECT INTELLECTUAL PROPERTY ACT) බුද්ධිමය දේපළ සුරැකීමේ පනත යන මේ පනත් කෙටුම්පත් දෙකම අමෙරිකානු දේශපාලන අධිකාරී මණ්‌ඩල දෙකකට ඉදිරිපත් වෙද්දී සමස්‌ත ලෝකයම ඊට දැවැන්ත ලෙස ප්‍රතිචාර දැක්‌වූයේ ඇයි ද යන්න සලකා බැලීමත්, එය අපට කෙසේබලපාන්නේ ද යන්න ආදී කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමත් මේ ලිපියේ අරමුණයි. මෙය කල් ඉකුත්වූසාකච්ඡාවක්‌ නොවන්නේ අනතුර තවමත් අවසන්ව නොමැති බැවින් හා පුළුල් සමාජ දැනුවත් කිරීමක්‌අවශ්‍ය බැවිනි.

news sri lanka Thursday, April 26, 2012
වසර 2012 අලුත් අවුරුදු චාරිත්‍ර



නව සඳ බැලිම-
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 25 වැනි ඉරිදා දින ද,අභිනව සුර්ය වර්ෂය සඳහා අ‍ප්‍රේල් මස 22 වෙනි ඉරිදා දින ද නව සඳ බැලිම මැනවි.


පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතානුස්මරණයෙහි යෙදිම මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 7.20 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය
අ‍ප්‍රේල් මස 13 ‍වෙනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්ව භාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාග 12.56 ට පළමුව ආහාර අනුභව කො‍ට සියලු වැඩ අතහැර ආගමික වතාවත් යෙදිම මැනවි.පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වන දින අපර භාග 7.20 සි‍ට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලිම,ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය ආදි චාරිත්‍ර ඉටුකිරිම ද මැනවි.

ආහාර පිසිම
අප්‍රේල් මස 13 ‍වැනි සිකුරාදා අපරභාග 7.42 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රයෙන් සැරසි දකුණු දිශාව බලා ලිප් බැඳ,ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනිම මැනවි.

වැඩ ඇල්ලිම,ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේලි මස 13 වෙනි සිකුරාදා අපර භාග 10.28ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රයෙන් සැරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.

 රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන බදාදා පූර්ව භාග  06.22ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර බටහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.



news sri lanka Tuesday, April 10, 2012
Expo 2014 coming next, Chinese firm wants to push $50 Bn in port investment

Sri Lanka now wants to run its’ successful international ‘Sri Lanka Expo’ series once in very two years. “Under the directive of His Excellency Mahinda Rajapaksa, our President, we are now planning to host this international series once in every two years. As a result, our next ‘Sri Lanka Expo’ series is now being primed to be held in early 2014” announced Rishad Bathiudeen, Minister of Industry and Commerce of Sri Lanka.

news sri lanka Monday, April 2, 2012
Sri Lanka’s first ever food certification firm born with $ 1.3Mn, ‘We are thankful for Norway’s support’ says Rishad
Sri Lanka’s first ever food certification firm took off on 28 March with the signing of MoU between Ind-Expo Certification Ltd and Sri Lanka Tourism Development Authority (SLTDA). The $ 1.33Mn initiative was inaugurated by Rishad Bathiudeen, Minister of Industry and Commerce at Taj Samudra Hotel Colombo on the eve of 28 March.

Ind-Expo Certification Ltd is the non-profit private firm specially formed for food certification in the country. The first ever such venture in Sri Lanka, Ind-Expo will supervise local food quality using standards administered by the Chartered  Institute of Environment Health  (CIEH) of UK.  The UNIDO Colombo office’s venture is under the auspices of Ministry of Industry and Commerce with $ 1.33 Mn funding from the Norwegian government through UNIDO.

Minister Bathiudeen and Norwegian Ambassador to Sri Lanka Her Excellency Ms Hilde Haraldstad, witnessed the MoU signing between Ind-Expo Certification Ltd and SLTDA, joined by Dr. Taizo Nishikawa, the Deputy to the Director-General of UNIDO. Dr. Taizo Nishikawa has served as the Deputy Director-General Commerce and Information Policy Bureau, METI, since November 2005.

“We are thankful to the Norwegian government for their support to uplift our standards” said Minister Bathiudeen on 26 March in Colombo speaking to the officials of his Ministry. “The non-profit firm is a collaborative effort between Ceylon National Chamber of Industries (CNCI) and the National Chamber of Exporters (NCE) supported by UNIDO under my Ministry’s auspices” he added. 

The Norwegian funded, UNIDO facilitated project aims to promote food safety within the chain of tourist hotels in Sri Lanka, and the non-profit firm Ind-Expo Certification Ltd, jointly with Sri Lanka Tourism Development Authority (SLTDA) will implement the food safety inspection and grading system to assure food safety to the customers. Ind-Expo Certification Limited is a non profit, public certification & training organization established by the Ceylon National Chamber of Industries (CNCI) and the National Chamber of Exporters (NCE) of Sri Lanka as it’s partners. It is supported by the UNIDO under it’s project – “Strengthening the International Certification Capacity in Sri Lanka”(Integrated Industrial  Development Support Program Phase 11) with the auspices of the Ministry of Industry and Commerce.  Ind-expo also operates a “Crowns Scheme for Food Hygiene” where food outlets, restaurants and hotels are assessed for hygienic conditions and awards crowns depending on their hygienic conditions. The aim of this program is to safeguard the local consumers and also to facilitate the export market. This program has been developed in par with similar programs in operation in developed countries and first implementation was in the Colombo Municipal Council (CMC) area with the support of the Health Department of the CMC. This will be extended to the Kotte Municipal and Dehiwela-Mt. Lavinia Municipal Council areas in the near future.

Media
Ministry of Industry & Commerce




news sri lanka Wednesday, March 28, 2012
එක්සත් ජාතීන්ගේ ලේකම්ගේ -විමර්ශන කොමිසම් වාර්තාව සකසා ඇත්තේ නිර්නාමික සාක්කිකරුවන් දුන් සාක්කි මතයි
ප්‍රතිසන්ධාන කොමිසමේ කරුණු සියල්ල තහවුරු කළ හැකි ඒවායි
මානව හිමිකම් කොමිසම අමතමින් ඇමැති මහින්ද සමරසිංහ කියයි
එක්සත් ජාතීන්ගේ ලේකම්ගේ විමර්ශන කොමිසම් වාර්තාවේ සටහන් කර ඇත්තේ නිර්නාමික සාක්කිකරුවන්ගෙන් රහසිගතව ලබා ගත් කරුණු පමණි. එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසන් වාර්තාවේ සටහන් වී ඇති කරුණු සියල්ල තහවුරු කළ හැකි ඒවා බව ජනාධිපතිගේ විශේෂ නියෝජිත මානව අයිතීන් වර්ධනය කිරීම පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

news sri lanka Tuesday, February 28, 2012
තව මිනිහෙක් දරුවකු බිහි කරයි

එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය.

උපුටාගැනීම-ලංකාදීප

news sri lanka Thursday, February 16, 2012
ගල්ගමුවේ දළ පූට්‌ටුවා
ගල්ගමුවේ දළ පූට්‌ටුවාට" ඇතින්නියකගේ සෙනෙහස 


කලාවැව රක්‍ෂිතයේදී අලි දෙදෙනකුගේ පහර කෑමට ලක්‌වූ zගල්ගමුවේ දළ පූට්‌ටුවා පෙරළා යළි එම අලියාට පහරදී එම අලියා සමග සිටි නාඹර වයසේ ඇතින්නියක සමග කලාවැව රක්‍ෂිතයෙන් බැහැරට පියමං කර අලුත් බළලුවැව රක්‍ෂිතයට පැමිණ ඇතැයි වයඹ වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඊයේ (7 දා) පස්‌වරුවේ පැවැසීය.

දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව දළ පූට්‌ටුවා යළි සුපුරුදු දින චර්යාවන්ට අවතීර්ණව ඇති බව පවසන වෛද්‍යවරයා ඇතා කලාවැව රක්‍ෂිතයට පැමිණි ගමන් මාර්ගය ඔස්‌සේ යළි ගල්ගමුව රක්‍ෂිතයට යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද පැවැසීය. ඊයේ (7 දා) පස්‌වරුව වන විට අලුත් බළලුවැව රක්‍ෂිතයේ ගල්කිරියාගම, හිඟුරුවැල්පිටිය දෙසින් ඇතා නිරීක්‍ෂණය කළ බවත් එතැනින් රැස්‌වෙහෙරටත් ඉන්පසු ඇතාගේ සුපුරුදු වාසභූමිය වන ගල්ගමුව රක්‍ෂිතයට තවත් දින කීපයකින් ඇතුළුවනු ඇති බවත්, ඇතාට කණවැල ඇල්ලීම සඳහා නාඹර ඇතින්නියක්‌ මුණගැසී ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



Divaina

news sri lanka Tuesday, November 8, 2011
ඩයස්‌පෝරාවේ ................

ඩයස්‌පෝරාවේ චෝදනාවල කිසිදු පදනමක්‌ නැහැ
කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්ද




දෙමළ ජාතික සන්ධානයට මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි කියන කැමැත්තක්‌ නැහැ. මෙය දිගුකාලීන ප්‍රශ්නයක්‌ කරගැනීමටයි ඔවුනට අවශ්‍ය. එවිට තමන්ගේ දේශපාලනය රැකගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් විදේශ රටවල නියෝජිතයන් සමග විදෙස්‌ බලවේග මෙම ප්‍රශ්නයට සහභාගි කරවාගන්න උත්සාහ කරන්නේ එනිසයි. දෙමළ ජාතික සන්ධානයේ ඉතිහාසය දෙස බැලූ විට පෙනී යනවා ඔවුන්ට මෙම ප්‍රශ්නය විසඳීමට වුවමනාවක්‌ නැතැයි කියන කාරණය. අඬන කාන්තාවම තමයි දරුවාත් ප්‍රසූත කරගත යුත්තේ. වේදනාව තියෙන කාන්තාවම තමයි වේදනාව නැති කරගැනීමට කටයුතු කළ යුත්තේ. අපේ ප්‍රශ්නයක්‌ තියෙනව නම් විස¹ගත යුත්තේත් අපිමයි. එA සඳහා වෙන කවුරුවත් මැදිහත් විය යුතු නැහැ.ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මහ ලේකම් සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්ද මහතා සමග දිවයින "කුජදා හමුව" කළ සාකච්ඡාවකි මේ.

උතුර නැගෙනහිර පවතිනවාය කියන ප්‍රශ්නය ඔබ පක්‍ෂය හඳුනාගෙන තියෙන්නේ මොන ආකාරයෙන්ද?

මේ රට සහ රටේ ජනතාව විනාශ මුඛයට ඇදගෙන ගිය යුද්ධය දැන් අවසන් වෙලා තියෙනවා. යුද්ධයට හේතුවක්‌ වුණේ දෙමළ ජනතාවගේ දේශපාලනය සම්බන්ධ වූ ප්‍රශ්නයයි. එම ප්‍රශ්නය විසඳීම සඳහා වත්මන් රජය කටයුතු දියත් කර තිබෙනවා. මෙම ප්‍රශ්නය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ හරහා විසඳුමක්‌ ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

දේශපාලන ප්‍රශ්නයක්‌ යනුවෙන් ඔබ අදහස්‌ කරන්නේ කුමක්‌ද?

පැහැදිලිවම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකුයි තියෙන්නේ.

හොඳයි ඔය කියන දේශපාලන ප්‍රශ්නයට ඔබ පක්‍ෂය යෝජනා කරන විසඳුම කුමක්‌ද?

අප පක්‍ෂය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ යෝජනා කරන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ස්‌ථාපිත කර ඇති පළාත් සභා ක්‍රමය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න කියායි. මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම එතැනින් පටන්ගෙන ඉදිරියට යන්න පුළුවන්.

දැනටමත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකනේ.

පළාත් සභා ක්‍රමය දකුණේ සෑම පළාතකම ක්‍රියාත්මක වුණත් උතුරේ ක්‍රියාත්මක වන්නේ නැහැ. උතුරේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදීමේ කටයුතු ආරම්භ කළ හැකියි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාගත හැකියි කියලා ඔබ පක්‍ෂය විශ්වාස කළත් දෙමළ ජාතික සන්ධානය එය ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඔවුන් පවසන්නේ මෙය තවත් කල්මැරීමක්‌ පමණයි කියලයි.

මෙම කමිටුව පත් කරලා නැති නිසා ඔවුන් තවම ස්‌ථිර වශයෙන්ම මෙය ප්‍රතික්‍ෂේප කරන බවක්‌ කියලා නැහැ. අපට ලොකු විශ්වාසයක්‌ තියෙනවා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාගන්න පුළුවන් වෙයි කියලා.

පසුගිය කාලයේදී රජය උතුරේ සංවර්ධන කටයුතුවලට විශාල බරක්‌ තැබුවා. උතුරට "උතුරු වසන්තය" ගෙන ගියා. නමුත් පළාත් පාලන මැතිවරණයේදී වැඩි බලය හිමිවන්නේ දෙමළ ජාතික සන්ධානයටයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී දේශපාලනයකට ජනතාව රැවටුණා කියලයි මුලින්ම කියන්න තියෙන්නේ. මැතිවරණ කාලයේදී එගොල්ලෝ ගෙනගිය ප්‍රචාරක කටයුතු මුළුමනින්ම ජාතිවාදීයි. නමුත් ඊළඟ මැතිවරණයේදී මෙම තත්ත්වය අපට වෙනස්‌ කරගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානයේ වැරැදි මාර්ගයට තමන් ගොදුරු වුණා කියලා ජනතාව තේරුම් අරගෙනයි සිටින්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දය රජයට ජයගත හැකියි කියලා ඔබට විශ්වාසයක්‌ තියෙනවද?

ඉදිරියේ එන මැතිවරණයකදී උතුරේ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කරයි කියලා අපට ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

උතුර නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී තෙවැනි පාර්ශ්වයක්‌ සහභාගි කරවා ගැනීමේ දැඩි උත්සාහයක්‌ දෙමළ ජාතික සන්ධානයට තියෙනවා.

දැනටමත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්‌ ඇමරිකානු රජයේ ඉහළ නිලධාරීන් හමුවීමේ දැඩි උත්සාහයක නිරත වෙනවා. මෙය අනුමත කළ හැකි තත්ත්වයක්‌ද?

දෙමළ ජාතික සන්ධානයට මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි කියන කැමැත්තක්‌ නැහැ. මෙය දිගුකාලීන ප්‍රශ්නයක්‌ කරගැනීමටයි ඔවුනට අවශ්‍ය. එවිට තමන්ගේ දේශපාලනය රැකගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් විදේශ රටවල නියෝජිතයන් සමග විදෙස්‌ බලවේග මෙම ප්‍රශ්නයට සහභාගි කරවාගන්න උත්සාහ කරන්නේ එනිසයි.

දෙමළ ජාතික සන්ධානයේ ඉතිහාසය දෙස බැලූ විට පෙනී යනවා ඔවුන්ට මෙම ප්‍රශ්නය විසඳීමට වුවමනාවක්‌ නැතැයි කියන කාරණය. අඬන කාන්තාවම තමයි දරුවාත් ප්‍රසූත කරගත යුත්තේ. වේදනාව තියෙන කාන්තාවම තමයි වේදනාව නැති කරගැනීමට කටයුතු කළ යුත්තේ. අපේ ප්‍රශ්නයක්‌ තියෙනව නම් විස¹ගත යුත්තේත් අපිමයි. එA සඳහා වෙන කවුරුවත් මැදිහත් විය යුතු නැහැ.

ඇමරිකානු රාජ්‍ය සහකාර ලේකම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී උතුරටත් ගියා. පසුව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූවා. එහිදී ඔහු චෝදනා කළා දැනටත් උතුරේ අවිගත් කණ්‌ඩායම් ඉන්නවා කියලා. ඔබ උතුර නියෝජනය කරන ප්‍රධාන ඇමැතිවරයෙක්‌. එම නිසා මෙම චෝදනාවේ කොටසක්‌ ඔබටත් එල්ල වෙනව නේද?

රොබට්‌ ඕ බ්ලේක්‌ මේ වතාවේදී පමණක්‌ නොවෙයි මීට පෙරත් මෙවැනි චෝදනා එල්ල කරලා තියෙනවා. නමුත් එA කාලයේදී එA රොබට්‌ ඕ බ්ලේක්‌ මහතා කියූ දේ ඇත්ත වෙන්න පුළුවන්.

2009 මැයි මාසයේ දහඅට වැනිදායින් පසුව යාපනයේ එහෙම දෙයක්‌ නැහැ. එතුමා කියන පරිදි එවැනි කණ්‌ඩායමක්‌ හෝ පිරිසක්‌ එහේ නැහැ.

2009 මැයි මාසයේ දහඅට වැනිදාට පෙර කොටි ළඟත් අවි ආයුධ තිබ්බා. හමුදාව ළඟත් ආයුධ තිබුණා. දෙපාර්ශ්වයම ආයුධ සන්නද්ධව සිටියා. දැනට රොබට්‌ ඕ බ්ලේක්‌ කියන ආකාරයේ අවිගත් කණ්‌ඩායමක්‌ උතුරේ නැහැ. වෙන අභ්‍යන්තර අරමුණක්‌ ඇතිව එA මහතා මේ කතාව කියනවද දන්නේ නැහැ.

යුද්ධය ඉවරවෙලා අවුරුදු දෙකක්‌ ඉක්‌මවා ගියත් උතුර නැගෙනහිර ඉඩම් ගැටලු නිරාකරණය රජයට තවමත් නොහැකිවී තිබෙනවා.

ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ එහේ තියෙනවා. රජය ඉඩම් ලියාපදිංචි කිරීම පිළිබඳව දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක්‌ මේ දවස්‌වල ක්‍රියාත්මක කර තිබෙනවා. එය යාපනයේත් ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේදී උතුර නැගෙනහිර සිවිල් පාලනයක්‌ නොතිබූ නිසාත්, යුද්ධය හා තවත් විවිධ හේතු නිසාත් ඉඩම් ඔප්පු ඇතුළු ඊට අදාළ ලේඛන සියල්ල පාහේ නැති වුණා.

එනිසා අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය හා මඟපෙන්වීම යටතේ ඉඩම් කොමසාරිස්‌වරයා විසින් ඉඩම් ඔප්පු ලේඛන නැතිවූවන්ට යළි එAවා ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. දැනටමත් ඔවුන්ගේ නම් ලියාපදිංචි කරගෙන එම අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. එA නිසා ඉතා ඉක්‌මණින් ඉඩම් ගැටලු සම්බන්ධයෙන් වූ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි.

රජයට සහ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන යුද අපරාධ චෝදනා ගැන ඔබ මොකද කියන්නේ? දෙමළ ඩයස්‌ පෝරාවත් මේ යට සිටින බවයි පැවසෙන්නේ.

දෙමළ ජනතාව මුහුණ දුන් ප්‍රශ්න දෙකක්‌ තිබුණා. එකක්‌ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය. එය දැන් අවසන් කරලා තියෙනවා. දැනට දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ වූ ප්‍රශ්නය තියෙනවා. එම ප්‍රශ්නය විසඳීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත් කිරීමට යනවා. එමගින් තමයි මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සොයාගත හැක්‌කේ. එA කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු කරන්න කියලයි අපි ඉල්ලන්නේ. දෙමළ ඩයස්‌පෝරාව සහ රටට එරෙහිව චෝදනා කරන අයගේ අරමුණ වන්නේ තමන්ගේ දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමයි. රජයට එරෙහිව සිදු කරන ඔය චෝදනාවල කිසිදු පදනමක්‌ නැහැ.

ජනාධිපතිවරයාට එරෙහිව ඇතැම් රටවල් නඩු පැවරීමේ උත්සාහයක නිරත වෙනවා. ඕස්‌ටේ්‍රලියාවේදී එA බව අප දුටුවා.

එගොල්ලන්ගේ ස්‌වයං වාසිය තකා සිදුකෙරෙන දේශපාලනය නිසයි අප මත මේ වගේ දේවල් පටවන්න උත්සාහ කරන්නේ. නමුත් මේ දේවල් තාවකාලිකයි. තව ටික දවසක්‌ යන විට මේ සියලු දේවල් පහවෙලා යාවි.

සමහරු උත්සාහ කළා අප රට යටත් කරගන්න. නමුත් එA අයට එA දේවල් කරන්න බැරි වුණා. නිදහස්‌ චින්තනයක්‌ ඔස්‌සේ අප රටේ නායකත්වය ක්‍රියා කිරීම එA අයට උහුලන්න බැරිවෙලා තියෙනවා.

පසුගිය කාලයේදී සන්ධානයේම දේශපාලනඥයන් අතර විරසකභාවයන් ඉදිරියට ආවා. ඊට ආසන්නම සිද්ධිය අප මුල්ලේරියාවේදී දුටුවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?

මේ වගේ ප්‍රශ්න හැමතැනම තියෙනවා. දකුණේ මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය නිසායි. මෙම ඡන්ද ක්‍රමය නිසා පාලක පක්‍ෂය වගේම විපක්‍ෂයේ අය අතරත් ගැටුම් ඇතිවෙනවා. කෙසේ නමුත් එAවා අප අනුමත කරන්නේ නැහැ.
 වසන්ත ලියනගේ
Source-Divaina

news sri lanka Monday, November 7, 2011
ඇමති බලා සිටියදී දළ පූට්ටුවා ගුටිකයි



වෙඩි වැඳීමෙන් සිදු වූ තුවාල සහිතව කලා වැව රක්ෂිතයේ ප්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ  දළ පූට්ටුවාට එම රක්ෂිතයේ සිටින වෙනත් අලින් දෙදෙනෙකු විසින් ඊයේ (03) අවස්ථා කිහිපයකදී පහර දී ඇත.


පශු වෛද්‍යවරුන්ගේ කැපවීම මත දින හතරක් තිස්සේ ප්‍රතිකාර ලබන ඇතාගේ තත්වය සොයා බැලීමට කලාවැව රක්ෂිතයට පැමිණි වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතාට එම පහරදීම සියැසින් දැකගත හැකිවිය.

ඇතාට පහරදුන් වල් අලින් දෙදෙනා පලවා හැරීමට උපදෙස් දුන් ඇමැතිවරයා ඇතා පිළිබඳව විශේෂ අවධානයෙන් සිට ආරක්ෂාව සපයන ලෙසද වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.පසුගිය දා කැකිරාව නගරයේ මහාඅකලබැගෑනියක් ඇතිකළේ මෙම දළ පූට්ටුවා ය.

දිවයින


news sri lanka Sunday, November 6, 2011
කටගැස්ම නැතැයි උරණ වී ඒ.එස්.පී.අවන්හලක යකා නටයි

තඹුත්තේගම නගරයේ පිහිටි රජයේ අනුමත අවන්හලකට ඉකුත් 01 දා රාත්‍රී කටගැස්මට යමක් ලබාගැනීමට බීමත්ව නිල ඇදුමින් සැරසී පැමිණ ඇති සහකාර පොලිස් අධිකාරවරයකු එහි සේවය කළ සේවයකුට පහර දී ඇති අතර වීදුරුවකට මත්පැන් පුරවා තවත් සේවයකුට  පහර දී ඔහුගේ හිසකෙස්වලින් අල්ලා බලහත්කාරයෙන් මත්පැන් වීදුරුවක් පොව තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ නියෝගය මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
Divaina

news sri lanka
නැන්දාගේ නිවසේ නිදාසිටි තරුණියක් පැහැරගෙන දින 3ක් රඳවාගෙන

නැන්දාගේ නිවසේ නිදා සිරි 16 හැවරිදි තරුණියක් පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබාගෙන අතවර කිරීමේ ශෝචනීය සිධියක් කුරුණෑගල මහාධිකරණයෙන්  වාර්තා වෙයි.

2009-8-25 හෝ ඊට ආසන්න දිනයකදී අඹන්පොළ ප්‍රදේශයේ 16 හැවැරිදි තරුණියක් පැහැරගෙන ගොස්
දිනතුනක් තැනින් තැන රඳවා අතවර කළා යැයි තරුණයන් දෙදෙනෙක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියේ ය.
පැමිණිළිකාරිය සාක්ෂි කූඩුවේ සිට තමාට සිදුවූ අපරාධය ගැන අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන විට විත්තිකරුවන් විත්තිකුඩුවේ සිට වරින් වර ඇගේ මුහුණ දෙස එබී බලන්නට විය.

රජයේ නීතීඥ මහතා විසින් නඟන ලඳ ප්‍රශ්නවල උත්තර දුන් ඇය මෙසේද කීවාය.


''මාව කිරි අම්මාට බාරදී අම්මා මැදපෙරදිග රැකියාවකට ගියා.සිද්ධිය වූ දවසෑඉ කිරිඅම්මා කීව නැන්දා තනියම අද ගෙදර ඉන්නේ එහි ගිහිල්ල නිදාගන්න කීවා.


මම මල්ලිත් සමඟ නැන්දලාගේ ගෙදර මැද සාලයේ නිදාගත්ත.රාත්‍රී 11.00ට පමණ දෙන්නෙක් සාලයට ඇතුළු වී මාගේ කටට රෙදි ගුලියක් ඔබා මාව උසා ගෙන කැලයට ගියා.
පාන්දර 5.00ට පමණ මාව කෙනෙකුගේ නිවසකට ගෙන ගියා.පසුදින උදේ විශාල ගල්තලාවකට ගෙන 
ගියා.එතනින් ඉඟිනියාගල ප්‍රදේශයට  ගෙන ගියා.


මෙහිදී දෙවැනි විත්තිකරු මාගේ මුහුණට පහරක් ගසාඅපි කියන දේ කරපන්,නැත්නම් මරාදමනවා කියා තරවටු අළා.මාව හොයන ආරංචිය ලැබී ඔවුන් මාව වනාන්තරයේ තනිකර දමා ගියා.අඹන්පොළ පොලීසියෙන් පැමිණ මාව මහව රෝහලට ඇතුළත් කළා.පසුව කුරුනැගල රෝහලට මාරු කළා.

විත්තියේ හරස් ප්‍රශ්නවලට උත්තරදීමට කාලවේලාව මදි බැවින් වැඩිදුර විභාගය දෙසැම්බර් 29 දිනට කල්තැබූ විනිසුරුවරයා,එදිනට පැමිණිළි කාරිය හැර අන් සියලු සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේ ය.

දිනමිණ













news sri lanka
සංචාරකයන්ට රට එපාකරවන
සංචාරකයන්ට රට එපාකරවන
"බිල්ලෝ"


සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරගන්නට රජය විවිධ කටයුතු රැසක්‌ සිදුකරමින් තිබේ. එහෙත් ඒ ක්‍රියාමාර්ග තුළින් කොතෙක්‌ දුරට සංචාරක ව්‍යාපාරය වර්ධනය වේ දැයි ගැටලුවකි. ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගයක්‌ වන සංචාරක ව්‍යාපාරය සොබාදහමේ අපූර්වත්වයෙන් අනූන අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ කරගන්නට නොහැකි වීම කනගාටුවට කරුණකි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළින් මුදල් ඉපයීම හරිහැටි නොකිරීම ප්‍රධාන ප්‍රශ්නයකි. ලොව ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්‌ථානවලදී සංචාරකයන්ට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට දී ඒවා හරහා මුදල් උපයා ගැනීම් සිදුකරනු ලබයි. උදාහරණයක්‌ ලෙස ඩිස්‌නිලන්තය ගතහොත් එහි සෑම විනෝදාස්‌වාද අවස්‌ථාවකදීම ඡායාරුප ගතකර ඒවා විකුණනු ලබයි. ලොව සෑම තැනම එලෙසය. ඒ හරහා විශාල මුදල් උපයා ගත හැක. සංචාරකයන්ට දේශීය ආහාර සිරිත් විරිත් රටට ආවේණික සතුන් ගහ කොල ආදී සියල්ල පිළිබඳ නිසි අවබෝධයක්‌ සංචාරකයන්ට ලබාදී ඒ හරහා මුදල් වියදම් කර ඒ දේවල් ලබාගන්නට ඒවා රස විඳින්නට අවස්‌ථාව සැලසිය යුතුය.

තායිලන්තය උදාහරණයට ගතහොත් එරට ජාතික ගුවන් සේවාවන්හි ලබාදෙන ආහාර පාන පවා තායිලන්තයට අයත් ඒවාය. එහෙත් අපේ රටේ එලෙස නොවේ. අපේ රටේ ගුවන් සේවයෙන් විදෙස්‌ ආහාර පාන වලින් සප්පායම් වෙමින් අපේ රටට පැමිණෙන සංචාරකයන් ගුවන්තොටුපළෙන් බැස ජපන් වාහනවලින් ගොස්‌ හෝටලයට යති. හෝටල්වල කෑම සිට ඇඳ ඇතිරිල්ල සිට සියල්ලම පාහේ ඇත්තේ විදේශ රටවලින් ගෙන ආ දේය.

හෝටල් කාමරයේ කුඩා ශීතකරණය විවෘත කළ විට එහි ඇත්තේ ද විදේශ මත්පැන්ය. නැත්නම් ඇපල් ගෙඩිය. තැඹිලි ගෙඩියක්‌, මෙරට ඖෂධීය පානයක්‌ හෝටල්වල නොමැති තරම්ය.

ලොව අන් හැම රටකම සංචාරක හෝටල්වල ඒ ඒ රටට ආවේණික ආහාර ඇතත් අපේ රටේ එලෙස නැත.

සිංහරාජයට යන සංචාරකයන්ට ටුවර් ගයිඩ්ලා පවසන්නේ කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් වන ලෙසය. අපේ රටේ පැඟිරි තෙලින් නිෂ්පාදිත ඖෂධ ගල්වා කූඩැල්ලන්ගෙන් ආරක්‍ෂා විය හැකි ක්‍රමය ඔවුන් කිසිවිට පවසන්නේ නැත. මේ සියල්ල විදේශිකයන්ට ඇලෙවි කළ හැකි දේය. ලෝකාන්තය බලන්නට යන දේශීය විදේශීය සංචාරකයන්ට කන්නට බොන්නට තැනක්‌ නැත. එහි බොහෝ දුරක්‌ පයින් යන්නට ඇතත් අතරමඟ වැසිකිළියක්‌වක්‌ නැත. ජලය ආහාර නැත. ලෝකාන්තයේ සිට ඈත නරඹන්නට සොබාදහමේ අසිරිය නරඹන්නට දුරදක්‌නා පහසුකම්වත් එහි ඇතිකර නැත. මේ සියල්ල අපේ රටට විශාල වශයෙන් මුදල් ලබාගත හැකි ස්‌ථානය.

අපේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම, සම්භාහන ක්‍රම ආදියෙන් විදේශිකයන්ගෙන් විශාල ලෙස මුදල් ඉපයීම් කළ හැක. ඒ තුළින් අති විශාල විදේශ විනිමයක්‌ මෙන්ම රැකියා ලක්‍ෂ ගණනින් උත්පාදනය කළ හැක. ඔන් එරයිවල් වීසා ක්‍රමය අත්හිටුවීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියට වැදුනු මරු පහරක්‌ බව අපගේ හැඟීමය. මේ ක්‍රමයේ කිසියම් පාලනයක්‌ අවශ්‍යව තිබූ බව සත්‍යයක්‌ වුවත් එක්‌වරම ඊට ඩොලර් පනහක සේවා ගාස්‌තුවක්‌ එක්‌කළ විට එයින් සංචාරකයන්ගේ පැමිණීමට යම් බලපෑමක්‌ එල්ලවීම වැළැක්‌විය නොහැක. විශේෂයෙන් අපේ රටට වැඩිපුරම සංචාරකයන් පැමිණෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියානුවන්ට ඩොලර් පනහක්‌ යනු විශාල මුදලකි. අනෙක්‌ අතට ඉන්දියාවට යැමට වීසා ගාස්‌තුව ලෙස ශ්‍රී ලාංකිකයන්ට ගෙවීමට ඇත්තේ ඩොලර් තුනක පමණ මුදලකි. යම් ලෙසකින් ඉන්දියාවද අපට එකට එක කළහොත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට දඹදිව චාරිකාවද සිහිනයක්‌ වනු ඇත.

ඉන්දියාව අපට නොමිලේ වීසා ලබා නොදෙද්දී අප ඉන්දියාවට එලෙස ලබාදෙන්නේ ඇයි දැයි යමෙකුට තර්ක කළ හැක. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල නම් කෙනෙකුට තර්ක කළ හැක. එහි යම් තර්කයක්‌ ඇතත් ඉන්දියාව වැනි විශාල ජනගහණයක්‌ ඇති රටක ජනතාව ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක්‌ සිදුවුවහොත් එහි පාඩුව ශ්‍රී ලංකාවටමය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වීසා සේවා ගාස්‌තුව අඩු කරන්නට මේ වන විට බලධාරීන් කටයුතු කරන බව සඳහන්ය.

මෙරට බලධාරීන් හොඳින් මතක තබාගත යුත්තේ සංචාරකයන්ට අපේ රට මෙන්ම ලොව සංචාරය කරන්නට තවත් ඕනෑ තරම් රටවල් ඇති බවය.

ලොව ප්‍රධානතම සංචාරක ආකර්ෂණයන් වන සිංගප්පූරුව හා මාලදිවයින යන රටවල ඔන් එරයිවල් වීසා ක්‍රමය තවමත් ක්‍රියාත්මකය. රටට පැමිණෙන සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන දකුණු ආසියානු රටවල වැසියන්, සරණාගතයන් ලෙස ඉල්ලුම් කරන්නට පැමිණෙන්නන්, විවිධ රැකියා සොයා මෙරටට පැමිණෙන්නන් පවා මෙරට සංචාරක ප්‍රධානීන් විසින් ගණන් ගනු ලබන්නේ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන වැඩිකර ගන්නටය. 2011 ක්‍රිකට්‌ ලෝක ශූරතාව පැවැත්වීම නිසා මෙරටට පැමිණි විදේශිකයන් ප්‍රමාණය වැඩිවීම සංචාරක අංශවල ප්‍රධානීන්ගේ සාර්ථකත්වයක්‌ නොවේ. අපේ දේශීය ආහාර ප්‍රවර්ධනය නොකිරීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇති ප්‍රධාන අඩුපාඩුවකි. අපේ ජාතික ගුවන් සේවයේ පවා ආහාර ලෙස බොහෝවිට දෙන්නේ විදෙස්‌ ආහාර වර්ගයන්ය. අපේ රටට ආවේණික කිරිපැණි වැනි ආහාර මාළු ඇඹුල්තියල්, අපේ රටේ පලතුරු ඒවායේ නොදෙන තරම්ය. අපේ ජාතික ගුවන් සේවය හරහා අපේ ආහාර අපේ දේ ප්‍රචලිත කරන්නට රටක්‌ ලෙස කටයුතු නොකිරීම විශාල වරදකි. සංචාරක ව්‍යාපාරය හා බැඳී පවතින ප්‍රධාන ව්‍යාපාර නම් සූදු හා විනෝද ක්‍රීඩාය. ඉදිරියේදී මෙරට සංචාරක කලාපවල කැසිනෝ, සූදු හා විනෝදාත්මක ව්‍යාපාර සඳහා විශාල වශයෙන් විදෙස්‌ සමාගම් පැමිණෙන්නට නියමිත බව සඳහන්ය. මේ ව්‍යාපාර අතිශය ලාභදායකය. එබැවින් ඒවායේ ලාභය හිමිකර ගත යුත්තේ රජය හෝ දේශීය ව්‍යාපාරිකයන්ය. ලොව බොහෝ රටවල එවැනි ව්‍යාපාර පොදුවේ විවෘත කර විදෙස්‌ සමාගම්වලට ඉඩ නොදෙන්නේ විදෙස්‌ සමාගම් උපයාගන්නා මුදල් ඔවුනොවුන්ගේ රටවලට රැගෙන යන නිසාය.

වාර්ෂිකව සංචාරකයන් මිලියන තිහක්‌ පැමිණෙන සිංගප්පූරුවේ ඇත්තේ කැසිනෝ හා සූදු හල් සමාගම් දෙකකි. ඒවා ඒ රටේ ව්‍යාපාරය. සූදුව සඳහාම ප්‍රචලිත මැකාවෝහි ඇත්තේද එරටට අයත් ඒකාධිකාරයකි.

එහෙත් දැනට කැසිනෝ සඳහා ශ්‍රී ලංකාවේ අයකරගන්නේ වාර්ෂිකව මිලියන පනහක බද්දකි. මේ බද්ද වසරකට මිලියන දෙසීයක්‌ දක්‌වා වැඩි කළ යුතුය. එම ව්‍යාපාර වලින් ලබන අති විශාල ආදායම් නිසා එවැනි විශාල බද්දක්‌ අයකළාට කමක්‌ නැත.

එසේම අපේ රටේ ඇති සංචාරක හා සංස්‌කෘතික වටිනාකම්වලට හානියක්‌ නොවන පරිදි මේවා පවත්වාගෙන යැමට අවශ්‍ය නීති රීතිගෙන ආ යුතුය.

හන්දියක්‌ හන්දියක්‌ ගානේ කැසිනෝ ශාලා, සූදු හල් ඇති කළ නොහැකි පරිදි නව නීති ගෙන ආ යුතුය.

මේවා නිසි ලෙස කළමනාකරණය කරන අතරම ඒවායේ ලාභය විදේශිකයන් රැගෙන නොයන ආකාරයට නව නීති ගෙන ආ යුතුය. අද වන විට හෝටල් සඳහා ඉඩම් ලබාගන්නට සංචාරක මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන්ට අල්ලස්‌ දෙන්නට සිදුව තිබේ. එම නිසාම අද වන විට හෝටල් ඉදිකරන්නට යන මුදලට ආසන්න මුදලක්‌ මේ නිලධාරීන්ට අල්ලස්‌ ලෙස දෙන්නට දෙස්‌ විදෙස්‌ ආයෝජකයන්ට සිදුව තිබේ. අදාළ ඇමැතිවරුන්ගේ කිසිදු අනුදැනුමක්‌ නැතිව ඔවුන්ගේ නම් විකුණා මේ ජාවාරම් සිදුවන බව සඳහන්ය. පසුගිය කාලයේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ වෙරළාසන්න ඉඩම් කැබලි 43 ක්‌ සංචාරක ව්‍යාපාර සඳහා දේශීය ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන ලදී. පසුව සංචාරක මණ්‌ඩලය වෙත පත්ව ආ ඉහළ නිලධාරියකු මේ සියලු ඉඩම් ලබාදීම අත්හිටුවන ලදී.

ඒ වන විටත් මේ ඇතැම් දේශීය ආයෝජකයන් හෝටල් සෑදීම ආරම්භ කර තිබිණි. තවත් බොහෝ ආයෝජකයන් සියලු සැලසුම් පවා සකස්‌ කර තිබිණි. ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට මුදල් පවා ගෙවා තිබිණි. අදාළ ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමෙන් මේ දේශීය ආයෝජකයන්ට රුපියල් මිලියන සිය ගණන් පාඩු සිදුව තිබේ.

රජයේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ හෝටල් ගාස්‌තු වැඩිකරන ලදී. එහෙත් ඊට සාපේක්‍ෂව හෝටල්වල පහසුකම් කිසිවකුත් වැඩිකර නැත. එය විශාල අඩුවකි. මේ තරම් විශාල ගාස්‌තු අයකරන විට අඩුම තරමින් කාමරවලට පලතුරු කූඩයක්‌වත් ලබාදෙන්නට හෝටල් හිමියන් පියවර ගත යුතුය. අනෙක්‌ අතට හෝටල් ගාස්‌තු සම්බන්ධයෙන් තරගකාරීත්වයක්‌ ඇතිවන්නට ඉඩහැරීම මිස රජය මැදිහත් වී ගාස්‌තු නියම කිරීම ද නොකළ යුතුය. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට ශ්‍රී ලංකාව පිරිසිදු රටක්‌ වීම බෙහෙවින් බලපායි. පාරේ කුණු දමන්නන්ට එරෙහිව ක්‍රියාත්මක නීතිය හොඳ එකක්‌ වුවද කුණු දමන්නට තැන් තවමත් ඉදිකර නැත. ලොව අන් රටවල සෑම බස්‌ නැවතුමකම, දුම්රිය ස්‌ථානයකම, පාර මාරුවන ස්‌ථානයකම, පාරවල් දිගේ හා පොදුවේ සෑම ස්‌ථානයකම කුණු දමන භාජන ඇත. ඒ නිසා ජනතාව පහසුවෙන්ම ඒවා භාවිත කරන්නට හුරු වී තිබේ. එහෙත් අපේ රටේ මේ නීති තද ලෙස ක්‍රියාත්මක කරනවා හැර කුණු දමන භාජන ප්‍රධාන ස්‌ථානවල ඇත්තේ ඉතාම අඩුවෙනි. එහෙත් කුණු දමනවා දැයි බලන්නට පොලිස්‌ නිලධාරීන් නම් යොදවා තිබේ. මේ පොලිස්‌ නිලධාරීන් යොදවන වියදමින් කුණු දමන භාජන යෙදුවහොත් කොතරම් අගනේද?

අනෙක්‌ අතට අද රට පුරා හොරකම්, මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ වැඩි වී තිබේ. රත්රන් මාලයක්‌ දමාගෙන පාරේ යන්නට නොහැකි තත්ත්වයක්‌ අද රටේ ඇත. පසුගිය දිනවල විදේශික තරුණියන් පවා දූෂණය විය. මේ තරම් රටේ අපරාධ වැඩිවන්නට හේතුවී ඇත්තේ පොලිස්‌ නිලධාරීන්ට ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරි වලට වඩා වෙනත් රාජකාරි සිදුකරන්නට වීම නිසාය. පාරේ කුණු දමන පිරිස්‌ අල්ලා ගැනීම, පෝස්‌ටර් ගසන අය ඇල්ලීම, දේශපාලකයන් පාරේ ගමන් කරන විට හන්දියක්‌ හන්දියක්‌ ගානේ බලාගෙන සිටීම, දේශපාලකයන් සහභාගි වන උත්සව වලට දහස්‌ ගණනින් සහභාගිවීම අද පොලිස්‌ නිලධාරීන්ගේ කාර්යභාරය වී තිබේ. පොලිස්‌ නිලධාරීන් මේ සියලු අනවශ්‍ය කාර්යයන්ගෙන් ඉවත් කර නීතිය හා සාමය ආරක්‍ෂා කරන පිරිසක්‌ බවට පත්කරලන්නට රජය වහාම පියවර ගත යුතුය. මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට ඇති තවත් ප්‍රධානතම බාධාවක්‌ වන්නේ මෙරට ඇතැම් පරිසර සංවිධානයන්ය.

විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය පරිසරය හා බැඳුනකි. පරිසරය රැකගනිමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සිදුකිරීම කළ යුතුය. ලොව පුරා සිදුවන්නේ එයයි. වෙරළ තීරය, වනාන්තරය, වන සතුන් ආදිය නොමැතිව සංචාරක ව්‍යාපාරය දියුණු කළ නොහැක. එහෙත් සියල්ල සොබාදහම රැකගෙන කළ යුතුය. එහෙත් අද සිදුවන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට සිදුවන හැම දේකටම පරිසර සංවිධාන විරුද්ධවීමය. එය කොතෙක්‌ දුරට සාධාරණදැයි සිතා බැලිය යුතුය. රජය පැත්තෙන් කියන්නේ විදෙස්‌ රටවලින් අරමුදල් සැපයෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා මේවා සිදුවන බවය. එහෙත් රටේ සංවර්ධනයට නම් සිදුවිය යුතුව ඇත්තේ දෙපාර්ශ්වයම යම් මධ්‍යස්‌ථ බවකින් කටයුතු කිරීමය. නැතහොත් එය සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට බාධාවකි. එහෙත් සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් වනාන්තර සතා සීපාවා විනාශ කිරීමද නොකළ යුතුය.

ලොව සුන්දරතම රටක්‌ වන ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ ඉහළම ස්‌ථානයක තබන්නට දැන්වත් රජය නිසි වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුය. ඒ සඳහා සුදුසු පුද්ගලයන් ප්‍රධාන තනතුරුවලට පත්කර සෝබන බොරුකාරයන් පල්හොරුන් පන්නා දැමිය යුතුය. එවිට විශාල ආදායමක්‌ රටට ලබාගෙන රැකීරක්‍ෂා ලක්‍ෂ ගණනක්‌ අලුතින් ඇතිකර රට දියුණු කළ හැක.

ජනිත සෙනෙවිරත්න

divaina

news sri lanka Wednesday, November 2, 2011
භාරත ...කියූ කතා....

''දුෂ්කර බලවේග අන්තර්ජාතික වශයෙන් ද, දේශීය වශයෙන් ද ක්‍රියාත්මක වේ. රාජ්‍ය සේවකයා ද මේ කුමන්ත්‍රණවලට හසුවුවහොත් රටට විශාල හානියක් සිදුවනු ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඔවුනට යහපත් අනාගතයක් ඉතිරිව තිබේ. එය රැක ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගමන් මගට එක්වන්නට බුද්ධිමත් වැඩකරන ජනතාවට ආයාචනය කරනු කැමැත්තෙමි.''

සිළුමිණ-2009.11.15


''වසර තිහක් තිස්සේ තිබූ යුද්ධය ඉදිරියේ රටේ හිටපු රාජ්‍ය නායකයන් කටයුතු කළ ආකාරය අපි මනාව වටහා ගෙන සිටියා. අපගේ ජීවිත පිළිබඳ දැඩි අවිනිශ්චිත බවක් තිබුණා.අපි හිතුවේ නෑ මේ යුද්ධය මෙලෙස අවසන් වෙයි කියලා.''

දිනමිණ-2009-11-19



''ලොව සංචාරයට සුදුසුම රට සහ ලෝකයේ ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බවටත්, ලෝකයේ මිනිසාට උපරිම ජීවිතාරක්ෂාව සැලසෙන රට ශ්‍රී ලංකාව බවත් පුළුල් ලෙස ප්‍රචාරයට පත්ව තිබෙන මෙවන් අවස්ථාවක ඊට හානි කිරීමට දරුස්මාන්ගේ වාර්තාව තුළින් දරන ප්‍රයත්නය පරාජය කිරීම ලෝක ප්‍රජාවගේ යුතුකමකි.''

දිනමිණ-2011-4-30

news sri lanka Wednesday, October 12, 2011

කොළඹ පැල්පත් දිනාගැනීම සටන...

කතු සටහන...

මැතිවරණය එළඹෙත්ම දේශපාලනයේ පොරොන්දු මලු එළියට එන්නේ මහජනතාවට දරාගත නොහැකි ලෙස.ඇතැම් පොරොන්දු ඇසූ විට ජනතාවට ඉස්මුර්තා වෙන තත්වයට පත් වන්නේ එතරම්ම ඒ පොරොන්දු මහජනතාවට දරාගත නොහැකි නිසාය.

දැන් රටේ උදා වී ඇති ජනප්‍රියම පොරොන්දුව වන්නේ,කොළඹ පැල්පත් ගැනය.එදා ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ද පැල්පත් ජනප්‍රිය මාතෘකාවක් විය.කොළඹ පැල්පත් දිනාගැනීම ඇරඹෙන්නේ ඉදිරියේ පවතින පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාව ද ඡන්දයට ඇතුළ් වීමත් සමඟ.

කොළඹ පැල්පත්වාසින්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට රජය මෙන්ම එජාපය ද දැවැන්ත පොරොන්දු මල්ලක් දී තිබේ.අමාත්‍ය විමල් වීරවංශ මහතා වරක් ප්‍රකාශ කළේ කොළඹ පැල්පත් 60,000ක් ඇති බව ය.
එජාපය තම සටන අරඹන්නේ කොළඹ පැල්පත්වාසීන් දිනාගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පහර දීමෙන්.

රජය ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන හමුදාවන් කොළඹ සංවර්ධනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන විට එජාපය ප්‍රහාරය එල්ල කරන්නේ හමුදාව ලවා කොළඹ කාණු සුද්ද කරන බව ය.
එජාපය තීරණාත්මක කොළඹ මැතිවරණය මෙය ය.ආණ්ඩුවේද තීරණාත්මක මැතිවරණය මෙය ය.සියල්ලෝම කොළඹ ට ඇසගසා සිටිති.කොළඹ පැල්පත් වාසියාගේ ඡන්දය මිල කළ නොහැකිය.

කොළඹ ආසියාවේ ආශ්චර්යාත්මක කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව රජය පවසයි.පිළිගත යුතු සත්‍යයක් ද වේ. එදාට වඩා කොළඹ පිළිවෙලක් වී ඇති බව ය.එය කවුරුන්ගේ වැඩක් දැයි කීමට ඉස්සර නොවෙමු.
දැන් කොළඹ පැල්පත්වාසීන්ගේ ඥාතීන් බොහෝය. කැබ් රථවලින් පැමිණ දුකසැප විමසයි.මුඩුක්කුවේ ගඳ ගහන කණු මතින් රජවරු ඇවිද යති.සොටු පෙරාගත් දරුවන් වඩාගනිති.ඇතැමුන් ත්‍රීවිල්වල යති.දරුවන්ට
ලොසින්ජර් බෙදති.

සැමදාම දැකගතහැකි දේශපාලන බහිරූ මෙවර මැතිවරණයේ ද දැකගැනීමට හැකිය.කොළඹ පැල්පත් ආශ්‍රිතව කුඩු,ගණිකාව්‍යාපාර,පාතාලය ක්‍රියාත්මක වන බව බොහෝ දෙනාගේ අඳහස ය.එහි අසත්‍යක්ම නොවේ. නමුත් මේ මුඩුක්කුවල සිටින අඩුඅධ්‍යාපනය,පීඩනය,ලිංඉකත්වය,අසහනය,තෙරපීම,ලාභයක් ලෙසමිලට ගන්නේ කවුරුන් විසින් ද?

ඉහත කිවූ ව්‍යාපාර දැන් බොහොමයක් ඇත්තේ මුඩුක්කු වල නොවේ සුපිරි නිවාස,සුපිරි ගැහැණු මිනිස්සු,සුපිරි වාහන ඇති අය ළග බව ඇසෙන පුවත්වලින් පෙනේ.පොලීසිය වටලන්නේ සුපිරි ගණිකා නිවාස මිස මුඩුක්කු ගණිකා නිවාස නොවේ.මුඩුක්කු දෙස වපර ඇසින් බැලීමේ වරද මුළු මහත් සමාජය විසින් ම සිදු කරන බව නම පෙනෙ. මේ ආකල්පය විසඳාගත යුතුය.ආකල්ප වෙනසක් ඇති කොට කොළඹ පැල්පත් ජයගැනීම කළ යුතුය.එසේ නැතිව කොළඹ ජයගැනීම සිදු නොවේ.

ගෙයක් පාරක් ලාබාදුන්නායි පමණකින් පැල්පත දිනාගැනීමට අඳහස් කිරීම බොළඳ දේශපාලන උප්පරවැට්ටියක් බව දන්නෝ දනිති.
news sri lanka Sunday, October 9, 2011
ජවිපෙ ඉරණම කුමක් වේද?


කතු සටහන...

ශ්‍රි ලංකා දෙශපාලන ඉතිහාසයේ බොහේ පක්ෂ අර්බුද හටගෙන දේශපාලන පක්ෂ කැඩී බිදී ,දියවී ගොස් ඇති බව කවුරුත් දන්නා කරුණක්.

මැත උදාහරණය එජාප උදාහරණය වුවත් අද මාධ්‍ය තුළ සාකඡාවට බදුන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දියවී යෑමයි.

මුල්න දියවීම එවකට පක්ෂයේ සිටි ප්‍රධාන පෙලේ නායකයකු වූ නන්දන ගුණතිලක මහතා පක්ෂයෙන් ඉවත් වීමයි.වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යධූරයක් දරණ අමාඅත්‍ය විමල් වීරවංශ මහතා ජවිපෙ න් ඉවත් වන්නේ බරපතල චෝදනා පක්ෂයට ඉදිරිපත් කරමින්.

ජවිපෙ නායකත්වයේ ඇති අන්තගාමී ස්වරූපය,පක්ෂයේ අභ්‍යන්තරයේ ස්වාධීන මතයක් දැරීමට නොහැකි වීම චෝදනා ලෙස ඉදිරිපත් විය.එහෙත්, බොහෝ පිරිස් විමල් වීරවංශ පටු දේශපාලන වාසි ගැනීම සඳහා පක්ෂයෙන් ඉවත් වූ බවට චෝදනා කළේය.

නමුත් දැන් සිදුවන්නේ කුමක් ද?ජවිපෙ පක්ෂය අභ්‍යන්තරයේ අර්බුද පක්ෂයට දරාගත නොහැකි ලෙස එළියට පැමිණීමය.ඔවුන්ට අයත් ''ලංකා'' පුවත් පත අක්‍රීය වී ඇතැයි මාද්‍ය ප්‍රකාශ කරයි.නායකත්වය දැඩි අර්බුදයකට ගොස් ඇත.මූල්ය පලහිලව් පැනනැගී ඇත.

ජනතාවගේ කැට සල්ලි ගැන දුකය,විශ්ව විද්‍යාල කොල්ලො සාධාරණ අවංක ව හෙළු දහඩිය ගැන දුකය.අද ජවිපෙ තුළ මතවාද දෙදරා යමින් පවතී.සියලු කුණු ඇදි රෙද්දෙන් වසා ගැනීමට නොහැකි වී තිබේ.

ජවිපෙ වැනි පක්ෂ ද රටකට තිබිය යුතුය.දේශපාලනය ප්‍රතිපත්තිගරුක විය යුතුය.නායකත්වයන් සාමාජිකයින් අරමුණට අවංක විය යුතුය.පටු වාසි සඳහා දුවන ඕනෑම දෙයකට අවසන සිදුවන්නේ මතවාදී පරස්පරතාඅර්බුදයකි.ජවිපෙ ට සිදුව ඇත්තේ ද එවැනි ඉරණමකි.

news sri lanka Friday, September 30, 2011
හෙළ සිනමාවේ පුරහඳ කළුවර විය...!


ගම්මන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම නොහොත් අප කවුරුත් දන්නා ජෝ අබේවික්‍රම නම් කෘතහස්ථ භාවපූර්ණ සිනමාවේදියා,දූවිල්ලෙන් උපන් කලා කරුවා ඊයේ (21)සදහටම අපෙන් වෙන් විය.

ජනතා හදවත් තුළට අමාන්ත්‍රණය කළ ජෝ අබේවික්‍රමවෙනුවෙන් තබන මේ කුඩා සටහන ඔහුට උපහරයක් වේවා යයි පතමි.

ශ්‍රී ලාංකේ ය සිනමා වංශ කතාවේ අපට සිටියේ එක එඩී ජයමාන්න කෙනෙකි.එක රුමණී දේවී කෙනෙකි,එක විජය කුමාරතුංගයෙකු පමණි,එක ගාමිණී ෆොන්සේකා කෙනෙකු පමණි.ඔවුන්ගෙන් ලාංකීය සිනමාවට වූ සේවයේ රික්තය පිරවීම ට කවරෙකුටවත් හැකි වී නැත.

එවන් එකම එක ජෝ ද අද අපට අහිමි විය.ඔහු ශ්‍රී ලාංකීය සිනමාවේ භාවමය ගැඹුරක් හා සංවේදී සියම් රංගන ශෛලියක් රටට කියා දුන් සිනමා ප්‍රාඥයකු ලෙස හඳුන්වා දිය හැකිය.

1940 ගණන්වල කොළඹට පැමිණි ජෝ අබේවික්‍රම ප්‍රම වරට 1956 දී ''දේව සුන්දරී චිත්‍රපටයෙන් සිනමාවට එක්වෙයි.

විකට නළුවකු ලෙස ගමන් ඇරඹි ඔහු එහි උච්චතම නළු කාර්යයට පැමිණියේ ය. රන්මුතුදූව,ගැටවරයෝ ,අල්ලපු ගෙදර සිනමා පට නැරඹූ ඔබට ඒ ගැන අමුතුවෙන් පැවසුව යුතු නැත.

තමාට ලැබෙන ඕනෑම චරිතයක් සඳහා සාධාරණයක් ඉටු කිරීමට සමත් වූ ජෝ අබේවික්‍රම,ගමේ වෙලේ ඉපනැල්ලේ ජීවන අත්දැකීමද නාගරික ජීවන අත්දැකීමද සිඅ සිනමා ගමනේ තක්ෂලවන් කර ගත්තේ ය.

තුන්මං හන්දිය චිත්‍රපටය ජෝ ගේ සිනමා ජීවිතයේ උපරිම අවස්ථාවන්ගෙන් එකකඉ.

සිංහල සිනමාවේ නමක් රැන්දූ කලාකෘති බොහොමයකට දායක වීමට මෙම කලා කරුවාට හැකිවිය බොහෝ අවස්ථාවල චිත්‍රපටයක සාර්ථකත්වය මුළු මනින් ම ජෝ අබේවික්‍රම නිසා පැවැතිනි.

තුං මං හන්දිය,වැලි කතර,අල්ලපු ගෙදර,සරෝජා,මල්දෙණියේ සිමියොන්,ගොළු මුහුදේ කුණාටුව,පුරහඳ කළුවර,අස්වැසුම,පූජා, බැද්දේගම,සිරිබෝ අයිඔයා,බඹරු ඇවිත්,සොල්දාදු උන්නැහෙ මේ විශිෂ්ඨ කලාකරුවා දායක වූ සිනමා කෘතිය.

සිනමාවේ හැරවුම් ලක්ෂයක් ඇතිකළ සිනමා තක්ෂලාවක් අද දවසේ ශ්‍රී ලාංකීය කලා කෙතට අහිමි හමාරය.බොල් කලාකරුවන් සිටින මෙවන් යුගයක මෙවැන්නන් රටට අහිමි වී යෑම බලවත් පාඩුවකි.

සදාදර ජෝ අබේවික්‍රම සිනමා වේදියාණෙනි...! අප දිනක තුං මං හන්දියේ දී මුණ ගැසෙමු.ඔබට නිවන් සුව.

news sri lanka Saturday, September 24, 2011
උදහස් නොවූ අඳහස්
"සෞදි රැකියාවට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණමක පිළිබඳ පුවතක් අපට අසන්න ලැබුණා.එය කෙතරම් අමාණුෂිකද යන්න ගැන කියන්න අමුතු වචන පෙළගස්සන්නට අවශ්‍ය නැහැ.

එය එතරම්ම පහත් ක්‍රියාවක් කියල කියන්න පුළුවන්.ප්‍රශ්නේ තියෙන්නෙ එතන නොවේ.තවමත් අපේ රටේ කාන්තාවන්ට මැදපෙරදිග රටවලදී එල්ලවන පීඩනයේ අවසානයක් නොවීම.ශ්‍රී ලාංකික කාන්තාව සැප ගන්න මැදපෙරද්ග යනවා යැයි කීම පහත් හැඟීමක්.

විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන්නෙ ශ්‍රී ලංකා කාන්තාව බව පුරාජේරු කීම වැඩක් නැහැ.අවසානේ ඉතිරිවන්නේ අංගවිකල කාන්තාවන් හා අංගවිකල පවුල් සංස්ථා පමණයි.මේවාට කඩිනම් පියවර ගෙන කටයුතු කිරීම අවශ්‍යයි.එකට ඇන ගහන්න කවුරුත් එන්නේ නැහැ.''
news sri lanka Thursday, August 26, 2010

Entertainment