''දුෂ්කර බලවේග අන්තර්ජාතික වශයෙන් ද, දේශීය වශයෙන් ද ක්‍රියාත්මක වේ. රාජ්‍ය සේවකයා ද මේ කුමන්ත්‍රණවලට හසුවුවහොත් රටට විශාල හානියක් සිදුවනු ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඔවුනට යහපත් අනාගතයක් ඉතිරිව තිබේ. එය රැක ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගමන් මගට එක්වන්නට බුද්ධිමත් වැඩකරන ජනතාවට ආයාචනය කරනු කැමැත්තෙමි.''
සිළුමිණ-2009.11.15
''වසර තිහක් තිස්සේ තිබූ යුද්ධය ඉදිරියේ රටේ හිටපු රාජ්‍ය නායකයන් කටයුතු කළ ආකාරය අපි මනාව වටහා ගෙන සිටියා. අපගේ ජීවිත පිළිබඳ දැඩි අවිනිශ්චිත බවක් තිබුණා.අපි හිතුවේ නෑ මේ යුද්ධය මෙලෙස අවසන් වෙයි කියලා.''
දිනමිණ-2009-11-19
''ලොව සංචාරයට සුදුසුම රට සහ ලෝකයේ ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බවටත්, ලෝකයේ මිනිසාට උපරිම ජීවිතාරක්ෂාව සැලසෙන රට ශ්‍රී ලංකාව බවත් පුළුල් ලෙස ප්‍රචාරයට පත්ව තිබෙන මෙවන් අවස්ථාවක ඊට හානි කිරීමට දරුස්මාන්ගේ වාර්තාව තුළින් දරන ප්‍රයත්නය පරාජය කිරීම ලෝක ප්‍රජාවගේ යුතුකමකි.''
දිනමිණ-2011-4-30
No comments