වෙඩි වැඳීමෙන් සිදු වූ තුවාල සහිතව කලා වැව රක්ෂිතයේ ප්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ පූට්ටුවාට එම රක්ෂිතයේ සිටින වෙනත් අලින් දෙදෙනෙකු විසින් ඊයේ (03) අවස්ථා කිහිපයකදී පහර දී ඇත.
පශු වෛද්‍යවරුන්ගේ කැපවීම මත දින හතරක් තිස්සේ ප්‍රතිකාර ලබන ඇතාගේ තත්වය සොයා බැලීමට කලාවැව රක්ෂිතයට පැමිණි වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතාට එම පහරදීම සියැසින් දැකගත හැකිවිය.
ඇතාට පහරදුන් වල් අලින් දෙදෙනා පලවා හැරීමට උපදෙස් දුන් ඇමැතිවරයා ඇතා පිළිබඳව විශේෂ අවධානයෙන් සිට ආරක්ෂාව සපයන ලෙසද වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.පසුගිය දා කැකිරාව නගරයේ මහාඅකලබැගෑනියක් ඇතිකළේ මෙම දළ පූට්ටුවා ය.
දිවයින
No comments