නව සඳ බැලිම-
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 25 වැනි ඉරිදා දින ද,අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 22 වෙනි ඉරිදා දින ද නව සඳ බැලිම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතානුස්මරණයෙහි යෙදිම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 7.20 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්ව භාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාග 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත් යෙදිම මැනවි.පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වන දින අපර භාග 7.20 සිට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලිම,ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය ආදි චාරිත්‍ර ඉටුකිරිම ද මැනවි.
ආහාර පිසිම
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපරභාග 7.42 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රයෙන් සැරසි දකුණු දිශාව බලා ලිප් බැඳ,ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනිම මැනවි.
වැඩ ඇල්ලිම,ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේලි මස 13 වෙනි සිකුරාදා අපර භාග 10.28ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රයෙන් සැරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වන බදාදා පූර්ව භාග 06.22ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර බටහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.
වසර 2012 අලුත් අවුරුදු චාරිත්‍ර
news sri lanka
Tuesday, April 10, 2012