එක්සත් ජාතීන්ගේ ලේකම්ගේ -විමර්ශන කොමිසම් වාර්තාව සකසා ඇත්තේ නිර්නාමික සාක්කිකරුවන් දුන් සාක්කි මතයි
ප්‍රතිසන්ධාන කොමිසමේ කරුණු සියල්ල තහවුරු කළ හැකි ඒවායි
මානව හිමිකම් කොමිසම අමතමින් ඇමැති මහින්ද සමරසිංහ කියයි

එක්සත් ජාතීන්ගේ ලේකම්ගේ විමර්ශන කොමිසම් වාර්තාවේ සටහන් කර ඇත්තේ නිර්නාමික
සාක්කිකරුවන්ගෙන් රහසිගතව ලබා ගත් කරුණු පමණි. එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසංධාන
කොමිසන් වාර්තාවේ සටහන් වී ඇති කරුණු සියල්ල තහවුරු කළ හැකි ඒවා බව ජනාධිපතිගේ
විශේෂ නියෝජිත මානව අයිතීන් වර්ධනය කිරීම පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා
ප්‍රකාශ කරයි.
තව මිනිහෙක් දරුවකු බිහි කරයි
එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය.
උපුටාගැනීම-ලංකාදීප