සංචාරකයන්ට රට එපාකරවන
"බිල්ලෝ"
සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරගන්නට රජය විවිධ කටයුතු රැසක් සිදුකරමින් තිබේ. එහෙත් ඒ ක්‍රියාමාර්ග තුළින් කොතෙක් දුරට සංචාරක ව්‍යාපාරය වර්ධනය වේ දැයි ගැටලුවකි. ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය සොබාදහමේ අපූර්වත්වයෙන් අනූන අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්නට නොහැකි වීම කනගාටුවට කරුණකි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළින් මුදල් ඉපයීම හරිහැටි නොකිරීම ප්‍රධාන ප්‍රශ්නයකි. ලොව ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්‌ථානවලදී සංචාරකයන්ට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට දී ඒවා හරහා මුදල් උපයා ගැනීම් සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස ඩිස්‌නිලන්තය ගතහොත් එහි සෑම විනෝදාස්‌වාද අවස්‌ථාවකදීම ඡායාරුප ගතකර ඒවා විකුණනු ලබයි. ලොව සෑම තැනම එලෙසය. ඒ හරහා විශාල මුදල් උපයා ගත හැක. සංචාරකයන්ට දේශීය ආහාර සිරිත් විරිත් රටට ආවේණික සතුන් ගහ කොල ආදී සියල්ල පිළිබඳ නිසි අවබෝධයක් සංචාරකයන්ට ලබාදී ඒ හරහා මුදල් වියදම් කර ඒ දේවල් ලබාගන්නට ඒවා රස විඳින්නට අවස්‌ථාව සැලසිය යුතුය.
තායිලන්තය උදාහරණයට ගතහොත් එරට ජාතික ගුවන් සේවාවන්හි ලබාදෙන ආහාර පාන පවා තායිලන්තයට අයත් ඒවාය. එහෙත් අපේ රටේ එලෙස නොවේ. අපේ රටේ ගුවන් සේවයෙන් විදෙස් ආහාර පාන වලින් සප්පායම් වෙමින් අපේ රටට පැමිණෙන සංචාරකයන් ගුවන්තොටුපළෙන් බැස ජපන් වාහනවලින් ගොස් හෝටලයට යති. හෝටල්වල කෑම සිට ඇඳ ඇතිරිල්ල සිට සියල්ලම පාහේ ඇත්තේ විදේශ රටවලින් ගෙන ආ දේය.
හෝටල් කාමරයේ කුඩා ශීතකරණය විවෘත කළ විට එහි ඇත්තේ ද විදේශ මත්පැන්ය. නැත්නම් ඇපල් ගෙඩිය. තැඹිලි ගෙඩියක්, මෙරට ඖෂධීය පානයක් හෝටල්වල නොමැති තරම්ය.
ලොව අන් හැම රටකම සංචාරක හෝටල්වල ඒ ඒ රටට ආවේණික ආහාර ඇතත් අපේ රටේ එලෙස නැත.
සිංහරාජයට යන සංචාරකයන්ට ටුවර් ගයිඩ්ලා පවසන්නේ කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් වන ලෙසය. අපේ රටේ පැඟිරි තෙලින් නිෂ්පාදිත ඖෂධ ගල්වා කූඩැල්ලන්ගෙන් ආරක්‍ෂා විය හැකි ක්‍රමය ඔවුන් කිසිවිට පවසන්නේ නැත. මේ සියල්ල විදේශිකයන්ට ඇලෙවි කළ හැකි දේය. ලෝකාන්තය බලන්නට යන දේශීය විදේශීය සංචාරකයන්ට කන්නට බොන්නට තැනක් නැත. එහි බොහෝ දුරක් පයින් යන්නට ඇතත් අතරමඟ වැසිකිළියක්‌වක් නැත. ජලය ආහාර නැත. ලෝකාන්තයේ සිට ඈත නරඹන්නට සොබාදහමේ අසිරිය නරඹන්නට දුරදක්‌නා පහසුකම්වත් එහි ඇතිකර නැත. මේ සියල්ල අපේ රටට විශාල වශයෙන් මුදල් ලබාගත හැකි ස්‌ථානය.
අපේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම, සම්භාහන ක්‍රම ආදියෙන් විදේශිකයන්ගෙන් විශාල ලෙස මුදල් ඉපයීම් කළ හැක. ඒ තුළින් අති විශාල විදේශ විනිමයක් මෙන්ම රැකියා ලක්‍ෂ ගණනින් උත්පාදනය කළ හැක. ඔන් එරයිවල් වීසා ක්‍රමය අත්හිටුවීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියට වැදුනු මරු පහරක් බව අපගේ හැඟීමය. මේ ක්‍රමයේ කිසියම් පාලනයක් අවශ්‍යව තිබූ බව සත්‍යයක් වුවත් එක්‌වරම ඊට ඩොලර් පනහක සේවා ගාස්‌තුවක් එක්‌කළ විට එයින් සංචාරකයන්ගේ පැමිණීමට යම් බලපෑමක් එල්ලවීම වැළැක්‌විය නොහැක. විශේෂයෙන් අපේ රටට වැඩිපුරම සංචාරකයන් පැමිණෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියානුවන්ට ඩොලර් පනහක් යනු විශාල මුදලකි. අනෙක් අතට ඉන්දියාවට යැමට වීසා ගාස්‌තුව ලෙස ශ්‍රී ලාංකිකයන්ට ගෙවීමට ඇත්තේ ඩොලර් තුනක පමණ මුදලකි. යම් ලෙසකින් ඉන්දියාවද අපට එකට එක කළහොත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට දඹදිව චාරිකාවද සිහිනයක් වනු ඇත.
ඉන්දියාව අපට නොමිලේ වීසා ලබා නොදෙද්දී අප ඉන්දියාවට එලෙස ලබාදෙන්නේ ඇයි දැයි යමෙකුට තර්ක කළ හැක. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල නම් කෙනෙකුට තර්ක කළ හැක. එහි යම් තර්කයක් ඇතත් ඉන්දියාව වැනි විශාල ජනගහණයක් ඇති රටක ජනතාව ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් සිදුවුවහොත් එහි පාඩුව ශ්‍රී ලංකාවටමය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වීසා සේවා ගාස්‌තුව අඩු කරන්නට මේ වන විට බලධාරීන් කටයුතු කරන බව සඳහන්ය.
මෙරට බලධාරීන් හොඳින් මතක තබාගත යුත්තේ සංචාරකයන්ට අපේ රට මෙන්ම ලොව සංචාරය කරන්නට තවත් ඕනෑ තරම් රටවල් ඇති බවය.
ලොව ප්‍රධානතම සංචාරක ආකර්ෂණයන් වන සිංගප්පූරුව හා මාලදිවයින යන රටවල ඔන් එරයිවල් වීසා ක්‍රමය තවමත් ක්‍රියාත්මකය. රටට පැමිණෙන සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන දකුණු ආසියානු රටවල වැසියන්, සරණාගතයන් ලෙස ඉල්ලුම් කරන්නට පැමිණෙන්නන්, විවිධ රැකියා සොයා මෙරටට පැමිණෙන්නන් පවා මෙරට සංචාරක ප්‍රධානීන් විසින් ගණන් ගනු ලබන්නේ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන වැඩිකර ගන්නටය. 2011 ක්‍රිකට් ලෝක ශූරතාව පැවැත්වීම නිසා මෙරටට පැමිණි විදේශිකයන් ප්‍රමාණය වැඩිවීම සංචාරක අංශවල ප්‍රධානීන්ගේ සාර්ථකත්වයක් නොවේ. අපේ දේශීය ආහාර ප්‍රවර්ධනය නොකිරීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇති ප්‍රධාන අඩුපාඩුවකි. අපේ ජාතික ගුවන් සේවයේ පවා ආහාර ලෙස බොහෝවිට දෙන්නේ විදෙස් ආහාර වර්ගයන්ය. අපේ රටට ආවේණික කිරිපැණි වැනි ආහාර මාළු ඇඹුල්තියල්, අපේ රටේ පලතුරු ඒවායේ නොදෙන තරම්ය. අපේ ජාතික ගුවන් සේවය හරහා අපේ ආහාර අපේ දේ ප්‍රචලිත කරන්නට රටක් ලෙස කටයුතු නොකිරීම විශාල වරදකි. සංචාරක ව්‍යාපාරය හා බැඳී පවතින ප්‍රධාන ව්‍යාපාර නම් සූදු හා විනෝද ක්‍රීඩාය. ඉදිරියේදී මෙරට සංචාරක කලාපවල කැසිනෝ, සූදු හා විනෝදාත්මක ව්‍යාපාර සඳහා විශාල වශයෙන් විදෙස් සමාගම් පැමිණෙන්නට නියමිත බව සඳහන්ය. මේ ව්‍යාපාර අතිශය ලාභදායකය. එබැවින් ඒවායේ ලාභය හිමිකර ගත යුත්තේ රජය හෝ දේශීය ව්‍යාපාරිකයන්ය. ලොව බොහෝ රටවල එවැනි ව්‍යාපාර පොදුවේ විවෘත කර විදෙස් සමාගම්වලට ඉඩ නොදෙන්නේ විදෙස් සමාගම් උපයාගන්නා මුදල් ඔවුනොවුන්ගේ රටවලට රැගෙන යන නිසාය.
වාර්ෂිකව සංචාරකයන් මිලියන තිහක් පැමිණෙන සිංගප්පූරුවේ ඇත්තේ කැසිනෝ හා සූදු හල් සමාගම් දෙකකි. ඒවා ඒ රටේ ව්‍යාපාරය. සූදුව සඳහාම ප්‍රචලිත මැකාවෝහි ඇත්තේද එරටට අයත් ඒකාධිකාරයකි.
එහෙත් දැනට කැසිනෝ සඳහා ශ්‍රී ලංකාවේ අයකරගන්නේ වාර්ෂිකව මිලියන පනහක බද්දකි. මේ බද්ද වසරකට මිලියන දෙසීයක් දක්‌වා වැඩි කළ යුතුය. එම ව්‍යාපාර වලින් ලබන අති විශාල ආදායම් නිසා එවැනි විශාල බද්දක් අයකළාට කමක් නැත.
එසේම අපේ රටේ ඇති සංචාරක හා සංස්‌කෘතික වටිනාකම්වලට හානියක් නොවන පරිදි මේවා පවත්වාගෙන යැමට අවශ්‍ය නීති රීතිගෙන ආ යුතුය.
හන්දියක් හන්දියක් ගානේ කැසිනෝ ශාලා, සූදු හල් ඇති කළ නොහැකි පරිදි නව නීති ගෙන ආ යුතුය.
මේවා නිසි ලෙස කළමනාකරණය කරන අතරම ඒවායේ ලාභය විදේශිකයන් රැගෙන නොයන ආකාරයට නව නීති ගෙන ආ යුතුය. අද වන විට හෝටල් සඳහා ඉඩම් ලබාගන්නට සංචාරක මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන්ට අල්ලස් දෙන්නට සිදුව තිබේ. එම නිසාම අද වන විට හෝටල් ඉදිකරන්නට යන මුදලට ආසන්න මුදලක් මේ නිලධාරීන්ට අල්ලස් ලෙස දෙන්නට දෙස් විදෙස් ආයෝජකයන්ට සිදුව තිබේ. අදාළ ඇමැතිවරුන්ගේ කිසිදු අනුදැනුමක් නැතිව ඔවුන්ගේ නම් විකුණා මේ ජාවාරම් සිදුවන බව සඳහන්ය. පසුගිය කාලයේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ වෙරළාසන්න ඉඩම් කැබලි 43 ක් සංචාරක ව්‍යාපාර සඳහා දේශීය ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන ලදී. පසුව සංචාරක මණ්‌ඩලය වෙත පත්ව ආ ඉහළ නිලධාරියකු මේ සියලු ඉඩම් ලබාදීම අත්හිටුවන ලදී.
ඒ වන විටත් මේ ඇතැම් දේශීය ආයෝජකයන් හෝටල් සෑදීම ආරම්භ කර තිබිණි. තවත් බොහෝ ආයෝජකයන් සියලු සැලසුම් පවා සකස් කර තිබිණි. ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට මුදල් පවා ගෙවා තිබිණි. අදාළ ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමෙන් මේ දේශීය ආයෝජකයන්ට රුපියල් මිලියන සිය ගණන් පාඩු සිදුව තිබේ.
රජයේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ හෝටල් ගාස්‌තු වැඩිකරන ලදී. එහෙත් ඊට සාපේක්‍ෂව හෝටල්වල පහසුකම් කිසිවකුත් වැඩිකර නැත. එය විශාල අඩුවකි. මේ තරම් විශාල ගාස්‌තු අයකරන විට අඩුම තරමින් කාමරවලට පලතුරු කූඩයක්‌වත් ලබාදෙන්නට හෝටල් හිමියන් පියවර ගත යුතුය. අනෙක් අතට හෝටල් ගාස්‌තු සම්බන්ධයෙන් තරගකාරීත්වයක් ඇතිවන්නට ඉඩහැරීම මිස රජය මැදිහත් වී ගාස්‌තු නියම කිරීම ද නොකළ යුතුය. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට ශ්‍රී ලංකාව පිරිසිදු රටක් වීම බෙහෙවින් බලපායි. පාරේ කුණු දමන්නන්ට එරෙහිව ක්‍රියාත්මක නීතිය හොඳ එකක් වුවද කුණු දමන්නට තැන් තවමත් ඉදිකර නැත. ලොව අන් රටවල සෑම බස් නැවතුමකම, දුම්රිය ස්‌ථානයකම, පාර මාරුවන ස්‌ථානයකම, පාරවල් දිගේ හා පොදුවේ සෑම ස්‌ථානයකම කුණු දමන භාජන ඇත. ඒ නිසා ජනතාව පහසුවෙන්ම ඒවා භාවිත කරන්නට හුරු වී තිබේ. එහෙත් අපේ රටේ මේ නීති තද ලෙස ක්‍රියාත්මක කරනවා හැර කුණු දමන භාජන ප්‍රධාන ස්‌ථානවල ඇත්තේ ඉතාම අඩුවෙනි. එහෙත් කුණු දමනවා දැයි බලන්නට පොලිස් නිලධාරීන් නම් යොදවා තිබේ. මේ පොලිස් නිලධාරීන් යොදවන වියදමින් කුණු දමන භාජන යෙදුවහොත් කොතරම් අගනේද?
අනෙක් අතට අද රට පුරා හොරකම්, මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ වැඩි වී තිබේ. රත්රන් මාලයක් දමාගෙන පාරේ යන්නට නොහැකි තත්ත්වයක් අද රටේ ඇත. පසුගිය දිනවල විදේශික තරුණියන් පවා දූෂණය විය. මේ තරම් රටේ අපරාධ වැඩිවන්නට හේතුවී ඇත්තේ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරි වලට වඩා වෙනත් රාජකාරි සිදුකරන්නට වීම නිසාය. පාරේ කුණු දමන පිරිස් අල්ලා ගැනීම, පෝස්‌ටර් ගසන අය ඇල්ලීම, දේශපාලකයන් පාරේ ගමන් කරන විට හන්දියක් හන්දියක් ගානේ බලාගෙන සිටීම, දේශපාලකයන් සහභාගි වන උත්සව වලට දහස් ගණනින් සහභාගිවීම අද පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය වී තිබේ. පොලිස් නිලධාරීන් මේ සියලු අනවශ්‍ය කාර්යයන්ගෙන් ඉවත් කර නීතිය හා සාමය ආරක්‍ෂා කරන පිරිසක් බවට පත්කරලන්නට රජය වහාම පියවර ගත යුතුය. මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට ඇති තවත් ප්‍රධානතම බාධාවක් වන්නේ මෙරට ඇතැම් පරිසර සංවිධානයන්ය.
විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය පරිසරය හා බැඳුනකි. පරිසරය රැකගනිමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සිදුකිරීම කළ යුතුය. ලොව පුරා සිදුවන්නේ එයයි. වෙරළ තීරය, වනාන්තරය, වන සතුන් ආදිය නොමැතිව සංචාරක ව්‍යාපාරය දියුණු කළ නොහැක. එහෙත් සියල්ල සොබාදහම රැකගෙන කළ යුතුය. එහෙත් අද සිදුවන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට සිදුවන හැම දේකටම පරිසර සංවිධාන විරුද්ධවීමය. එය කොතෙක් දුරට සාධාරණදැයි සිතා බැලිය යුතුය. රජය පැත්තෙන් කියන්නේ විදෙස් රටවලින් අරමුදල් සැපයෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා මේවා සිදුවන බවය. එහෙත් රටේ සංවර්ධනයට නම් සිදුවිය යුතුව ඇත්තේ දෙපාර්ශ්වයම යම් මධ්‍යස්‌ථ බවකින් කටයුතු කිරීමය. නැතහොත් එය සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට බාධාවකි. එහෙත් සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් වනාන්තර සතා සීපාවා විනාශ කිරීමද නොකළ යුතුය.
ලොව සුන්දරතම රටක් වන ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ ඉහළම ස්‌ථානයක තබන්නට දැන්වත් රජය නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා සුදුසු පුද්ගලයන් ප්‍රධාන තනතුරුවලට පත්කර සෝබන බොරුකාරයන් පල්හොරුන් පන්නා දැමිය යුතුය. එවිට විශාල ආදායමක් රටට ලබාගෙන රැකීරක්‍ෂා ලක්‍ෂ ගණනක් අලුතින් ඇතිකර රට දියුණු කළ හැක.
ජනිත සෙනෙවිරත්න
divaina

No comments