කතු සටහන...
ශ්‍රි ලංකා දෙශපාලන ඉතිහාසයේ බොහේ පක්ෂ අර්බුද හටගෙන දේශපාලන පක්ෂ කැඩී බිදී ,දියවී ගොස් ඇති බව කවුරුත් දන්නා කරුණක්.
මැත උදාහරණය එජාප උදාහරණය වුවත් අද මාධ්‍ය තුළ සාකඡාවට බදුන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දියවී යෑමයි.
මුල්න දියවීම එවකට පක්ෂයේ සිටි ප්‍රධාන පෙලේ නායකයකු වූ නන්දන ගුණතිලක මහතා පක්ෂයෙන් ඉවත් වීමයි.වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යධූරයක් දරණ අමාඅත්‍ය විමල් වීරවංශ මහතා ජවිපෙ න් ඉවත් වන්නේ බරපතල චෝදනා පක්ෂයට ඉදිරිපත් කරමින්.
ජවිපෙ නායකත්වයේ ඇති අන්තගාමී ස්වරූපය,පක්ෂයේ අභ්‍යන්තරයේ ස්වාධීන මතයක් දැරීමට නොහැකි වීම චෝදනා ලෙස ඉදිරිපත් විය.එහෙත්, බොහෝ පිරිස් විමල් වීරවංශ පටු දේශපාලන වාසි ගැනීම සඳහා පක්ෂයෙන් ඉවත් වූ බවට චෝදනා කළේය.
නමුත් දැන් සිදුවන්නේ කුමක් ද?ජවිපෙ පක්ෂය අභ්‍යන්තරයේ අර්බුද පක්ෂයට දරාගත නොහැකි ලෙස එළියට පැමිණීමය.ඔවුන්ට අයත් ''ලංකා'' පුවත් පත අක්‍රීය වී ඇතැයි මාද්‍ය ප්‍රකාශ කරයි.නායකත්වය දැඩි අර්බුදයකට ගොස් ඇත.මූල්ය පලහිලව් පැනනැගී ඇත.
ජනතාවගේ කැට සල්ලි ගැන දුකය,විශ්ව විද්‍යාල කොල්ලො සාධාරණ අවංක ව හෙළු දහඩිය ගැන දුකය.අද ජවිපෙ තුළ මතවාද දෙදරා යමින් පවතී.සියලු කුණු ඇදි රෙද්දෙන් වසා ගැනීමට නොහැකි වී තිබේ.
ජවිපෙ වැනි පක්ෂ ද රටකට තිබිය යුතුය.දේශපාලනය ප්‍රතිපත්තිගරුක විය යුතුය.නායකත්වයන් සාමාජිකයින් අරමුණට අවංක විය යුතුය.පටු වාසි සඳහා දුවන ඕනෑම දෙයකට අවසන සිදුවන්නේ මතවාදී පරස්පරතාඅර්බුදයකි.ජවිපෙ ට සිදුව ඇත්තේ ද එවැනි ඉරණමකි.
No comments