ඩයස්‌පෝරාවේ චෝදනාවල කිසිදු පදනමක් නැහැ
කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද
දෙමළ ජාතික සන්ධානයට මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි කියන කැමැත්තක් නැහැ. මෙය දිගුකාලීන ප්‍රශ්නයක් කරගැනීමටයි ඔවුනට අවශ්‍ය. එවිට තමන්ගේ දේශපාලනය රැකගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් විදේශ රටවල නියෝජිතයන් සමග විදෙස් බලවේග මෙම ප්‍රශ්නයට සහභාගි කරවාගන්න උත්සාහ කරන්නේ එනිසයි. දෙමළ ජාතික සන්ධානයේ ඉතිහාසය දෙස බැලූ විට පෙනී යනවා ඔවුන්ට මෙම ප්‍රශ්නය විසඳීමට වුවමනාවක් නැතැයි කියන කාරණය. අඬන කාන්තාවම තමයි දරුවාත් ප්‍රසූත කරගත යුත්තේ. වේදනාව තියෙන කාන්තාවම තමයි වේදනාව නැති කරගැනීමට කටයුතු කළ යුත්තේ. අපේ ප්‍රශ්නයක් තියෙනව නම් විස¹ගත යුත්තේත් අපිමයි. එA සඳහා වෙන කවුරුවත් මැදිහත් විය යුතු නැහැ.ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මහ ලේකම් සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග දිවයින "කුජදා හමුව" කළ සාකච්ඡාවකි මේ.
උතුර නැගෙනහිර පවතිනවාය කියන ප්‍රශ්නය ඔබ පක්‍ෂය හඳුනාගෙන තියෙන්නේ මොන ආකාරයෙන්ද?
මේ රට සහ රටේ ජනතාව විනාශ මුඛයට ඇදගෙන ගිය යුද්ධය දැන් අවසන් වෙලා තියෙනවා. යුද්ධයට හේතුවක් වුණේ දෙමළ ජනතාවගේ දේශපාලනය සම්බන්ධ වූ ප්‍රශ්නයයි. එම ප්‍රශ්නය විසඳීම සඳහා වත්මන් රජය කටයුතු දියත් කර තිබෙනවා. මෙම ප්‍රශ්නය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
දේශපාලන ප්‍රශ්නයක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්‌ද?
පැහැදිලිවම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකුයි තියෙන්නේ.
හොඳයි ඔය කියන දේශපාලන ප්‍රශ්නයට ඔබ පක්‍ෂය යෝජනා කරන විසඳුම කුමක්‌ද?
අප පක්‍ෂය දීර්ඝ කාලයක් තිස්‌සේ යෝජනා කරන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ස්‌ථාපිත කර ඇති පළාත් සභා ක්‍රමය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න කියායි. මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම එතැනින් පටන්ගෙන ඉදිරියට යන්න පුළුවන්.
දැනටමත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකනේ.
පළාත් සභා ක්‍රමය දකුණේ සෑම පළාතකම ක්‍රියාත්මක වුණත් උතුරේ ක්‍රියාත්මක වන්නේ නැහැ. උතුරේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ කටයුතු ආරම්භ කළ හැකියි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකියි කියලා ඔබ පක්‍ෂය විශ්වාස කළත් දෙමළ ජාතික සන්ධානය එය ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඔවුන් පවසන්නේ මෙය තවත් කල්මැරීමක් පමණයි කියලයි.
මෙම කමිටුව පත් කරලා නැති නිසා ඔවුන් තවම ස්‌ථිර වශයෙන්ම මෙය ප්‍රතික්‍ෂේප කරන බවක් කියලා නැහැ. අපට ලොකු විශ්වාසයක් තියෙනවා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා.
පසුගිය කාලයේදී රජය උතුරේ සංවර්ධන කටයුතුවලට විශාල බරක් තැබුවා. උතුරට "උතුරු වසන්තය" ගෙන ගියා. නමුත් පළාත් පාලන මැතිවරණයේදී වැඩි බලය හිමිවන්නේ දෙමළ ජාතික සන්ධානයටයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී දේශපාලනයකට ජනතාව රැවටුණා කියලයි මුලින්ම කියන්න තියෙන්නේ. මැතිවරණ කාලයේදී එගොල්ලෝ ගෙනගිය ප්‍රචාරක කටයුතු මුළුමනින්ම ජාතිවාදීයි. නමුත් ඊළඟ මැතිවරණයේදී මෙම තත්ත්වය අපට වෙනස් කරගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානයේ වැරැදි මාර්ගයට තමන් ගොදුරු වුණා කියලා ජනතාව තේරුම් අරගෙනයි සිටින්නේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දය රජයට ජයගත හැකියි කියලා ඔබට විශ්වාසයක් තියෙනවද?
ඉදිරියේ එන මැතිවරණයකදී උතුරේ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කරයි කියලා අපට ලොකු විශ්වාසයක් තියෙනවා.
උතුර නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී තෙවැනි පාර්ශ්වයක් සහභාගි කරවා ගැනීමේ දැඩි උත්සාහයක් දෙමළ ජාතික සන්ධානයට තියෙනවා.
දැනටමත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ඇමරිකානු රජයේ ඉහළ නිලධාරීන් හමුවීමේ දැඩි උත්සාහයක නිරත වෙනවා. මෙය අනුමත කළ හැකි තත්ත්වයක්‌ද?
දෙමළ ජාතික සන්ධානයට මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි කියන කැමැත්තක් නැහැ. මෙය දිගුකාලීන ප්‍රශ්නයක් කරගැනීමටයි ඔවුනට අවශ්‍ය. එවිට තමන්ගේ දේශපාලනය රැකගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් විදේශ රටවල නියෝජිතයන් සමග විදෙස් බලවේග මෙම ප්‍රශ්නයට සහභාගි කරවාගන්න උත්සාහ කරන්නේ එනිසයි.
දෙමළ ජාතික සන්ධානයේ ඉතිහාසය දෙස බැලූ විට පෙනී යනවා ඔවුන්ට මෙම ප්‍රශ්නය විසඳීමට වුවමනාවක් නැතැයි කියන කාරණය. අඬන කාන්තාවම තමයි දරුවාත් ප්‍රසූත කරගත යුත්තේ. වේදනාව තියෙන කාන්තාවම තමයි වේදනාව නැති කරගැනීමට කටයුතු කළ යුත්තේ. අපේ ප්‍රශ්නයක් තියෙනව නම් විස¹ගත යුත්තේත් අපිමයි. එA සඳහා වෙන කවුරුවත් මැදිහත් විය යුතු නැහැ.
ඇමරිකානු රාජ්‍ය සහකාර ලේකම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී උතුරටත් ගියා. පසුව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔහු චෝදනා කළා දැනටත් උතුරේ අවිගත් කණ්‌ඩායම් ඉන්නවා කියලා. ඔබ උතුර නියෝජනය කරන ප්‍රධාන ඇමැතිවරයෙක්. එම නිසා මෙම චෝදනාවේ කොටසක් ඔබටත් එල්ල වෙනව නේද?
රොබට් ඕ බ්ලේක් මේ වතාවේදී පමණක් නොවෙයි මීට පෙරත් මෙවැනි චෝදනා එල්ල කරලා තියෙනවා. නමුත් එA කාලයේදී එA රොබට් ඕ බ්ලේක් මහතා කියූ දේ ඇත්ත වෙන්න පුළුවන්.
2009 මැයි මාසයේ දහඅට වැනිදායින් පසුව යාපනයේ එහෙම දෙයක් නැහැ. එතුමා කියන පරිදි එවැනි කණ්‌ඩායමක් හෝ පිරිසක් එහේ නැහැ.
2009 මැයි මාසයේ දහඅට වැනිදාට පෙර කොටි ළඟත් අවි ආයුධ තිබ්බා. හමුදාව ළඟත් ආයුධ තිබුණා. දෙපාර්ශ්වයම ආයුධ සන්නද්ධව සිටියා. දැනට රොබට් ඕ බ්ලේක් කියන ආකාරයේ අවිගත් කණ්‌ඩායමක් උතුරේ නැහැ. වෙන අභ්‍යන්තර අරමුණක් ඇතිව එA මහතා මේ කතාව කියනවද දන්නේ නැහැ.
යුද්ධය ඉවරවෙලා අවුරුදු දෙකක් ඉක්‌මවා ගියත් උතුර නැගෙනහිර ඉඩම් ගැටලු නිරාකරණය රජයට තවමත් නොහැකිවී තිබෙනවා.
ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් එහේ තියෙනවා. රජය ඉඩම් ලියාපදිංචි කිරීම පිළිබඳව දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ දවස්‌වල ක්‍රියාත්මක කර තිබෙනවා. එය යාපනයේත් ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේදී උතුර නැගෙනහිර සිවිල් පාලනයක් නොතිබූ නිසාත්, යුද්ධය හා තවත් විවිධ හේතු නිසාත් ඉඩම් ඔප්පු ඇතුළු ඊට අදාළ ලේඛන සියල්ල පාහේ නැති වුණා.
එනිසා අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය හා මඟපෙන්වීම යටතේ ඉඩම් කොමසාරිස්‌වරයා විසින් ඉඩම් ඔප්පු ලේඛන නැතිවූවන්ට යළි එAවා ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. දැනටමත් ඔවුන්ගේ නම් ලියාපදිංචි කරගෙන එම අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. එA නිසා ඉතා ඉක්‌මණින් ඉඩම් ගැටලු සම්බන්ධයෙන් වූ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි.
රජයට සහ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන යුද අපරාධ චෝදනා ගැන ඔබ මොකද කියන්නේ? දෙමළ ඩයස් පෝරාවත් මේ යට සිටින බවයි පැවසෙන්නේ.
දෙමළ ජනතාව මුහුණ දුන් ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් ත්‍රස්‌තවාදී ප්‍රශ්නය. එය දැන් අවසන් කරලා තියෙනවා. දැනට දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ වූ ප්‍රශ්නය තියෙනවා. එම ප්‍රශ්නය විසඳීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යනවා. එමගින් තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැක්‌කේ. එA කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු කරන්න කියලයි අපි ඉල්ලන්නේ. දෙමළ ඩයස්‌පෝරාව සහ රටට එරෙහිව චෝදනා කරන අයගේ අරමුණ වන්නේ තමන්ගේ දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමයි. රජයට එරෙහිව සිදු කරන ඔය චෝදනාවල කිසිදු පදනමක් නැහැ.
ජනාධිපතිවරයාට එරෙහිව ඇතැම් රටවල් නඩු පැවරීමේ උත්සාහයක නිරත වෙනවා. ඕස්‌ටේ්‍රලියාවේදී එA බව අප දුටුවා.
එගොල්ලන්ගේ ස්‌වයං වාසිය තකා සිදුකෙරෙන දේශපාලනය නිසයි අප මත මේ වගේ දේවල් පටවන්න උත්සාහ කරන්නේ. නමුත් මේ දේවල් තාවකාලිකයි. තව ටික දවසක් යන විට මේ සියලු දේවල් පහවෙලා යාවි.
සමහරු උත්සාහ කළා අප රට යටත් කරගන්න. නමුත් එA අයට එA දේවල් කරන්න බැරි වුණා. නිදහස් චින්තනයක් ඔස්‌සේ අප රටේ නායකත්වය ක්‍රියා කිරීම එA අයට උහුලන්න බැරිවෙලා තියෙනවා.
පසුගිය කාලයේදී සන්ධානයේම දේශපාලනඥයන් අතර විරසකභාවයන් ඉදිරියට ආවා. ඊට ආසන්නම සිද්ධිය අප මුල්ලේරියාවේදී දුටුවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?
මේ වගේ ප්‍රශ්න හැමතැනම තියෙනවා. දකුණේ මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය නිසායි. මෙම ඡන්ද ක්‍රමය නිසා පාලක පක්‍ෂය වගේම විපක්‍ෂයේ අය අතරත් ගැටුම් ඇතිවෙනවා. කෙසේ නමුත් එAවා අප අනුමත කරන්නේ නැහැ. වසන්ත ලියනගේ

Source-Divaina
No comments