ගම්මන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම නොහොත් අප කවුරුත් දන්නා ජෝ අබේවික්‍රම නම් කෘතහස්ථ භාවපූර්ණ සිනමාවේදියා,දූවිල්ලෙන් උපන් කලා කරුවා ඊයේ (21)සදහටම අපෙන් වෙන් විය.
ජනතා හදවත් තුළට අමාන්ත්‍රණය කළ ජෝ අබේවික්‍රමවෙනුවෙන් තබන මේ කුඩා සටහන ඔහුට උපහරයක් වේවා යයි පතමි.
ශ්‍රී ලාංකේ ය සිනමා වංශ කතාවේ අපට සිටියේ එක එඩී ජයමාන්න කෙනෙකි.එක රුමණී දේවී කෙනෙකි,එක විජය කුමාරතුංගයෙකු පමණි,එක ගාමිණී ෆොන්සේකා කෙනෙකු පමණි.ඔවුන්ගෙන් ලාංකීය සිනමාවට වූ සේවයේ රික්තය පිරවීම ට කවරෙකුටවත් හැකි වී නැත.
එවන් එකම එක ජෝ ද අද අපට අහිමි විය.ඔහු ශ්‍රී ලාංකීය සිනමාවේ භාවමය ගැඹුරක් හා සංවේදී සියම් රංගන ශෛලියක් රටට කියා දුන් සිනමා ප්‍රාඥයකු ලෙස හඳුන්වා දිය හැකිය.
1940 ගණන්වල කොළඹට පැමිණි ජෝ අබේවික්‍රම ප්‍රම වරට 1956 දී ''දේව සුන්දරී චිත්‍රපටයෙන් සිනමාවට එක්වෙයි.
විකට නළුවකු ලෙස ගමන් ඇරඹි ඔහු එහි උච්චතම නළු කාර්යයට පැමිණියේ ය. රන්මුතුදූව,ගැටවරයෝ ,අල්ලපු ගෙදර සිනමා පට නැරඹූ ඔබට ඒ ගැන අමුතුවෙන් පැවසුව යුතු නැත.
තමාට ලැබෙන ඕනෑම චරිතයක් සඳහා සාධාරණයක් ඉටු කිරීමට සමත් වූ ජෝ අබේවික්‍රම,ගමේ වෙලේ ඉපනැල්ලේ ජීවන අත්දැකීමද නාගරික ජීවන අත්දැකීමද සිඅ සිනමා ගමනේ තක්ෂලවන් කර ගත්තේ ය.
තුන්මං හන්දිය චිත්‍රපටය ජෝ ගේ සිනමා ජීවිතයේ උපරිම අවස්ථාවන්ගෙන් එකකඉ.
සිංහල සිනමාවේ නමක් රැන්දූ කලාකෘති බොහොමයකට දායක වීමට මෙම කලා කරුවාට හැකිවිය බොහෝ අවස්ථාවල චිත්‍රපටයක සාර්ථකත්වය මුළු මනින් ම ජෝ අබේවික්‍රම නිසා පැවැතිනි.
තුං මං හන්දිය,වැලි කතර,අල්ලපු ගෙදර,සරෝජා,මල්දෙණියේ සිමියොන්,ගොළු මුහුදේ කුණාටුව,පුරහඳ කළුවර,අස්වැසුම,පූජා, බැද්දේගම,සිරිබෝ අයිඔයා,බඹරු ඇවිත්,සොල්දාදු උන්නැහෙ මේ විශිෂ්ඨ කලාකරුවා දායක වූ සිනමා කෘතිය.
සිනමාවේ හැරවුම් ලක්ෂයක් ඇතිකළ සිනමා තක්ෂලාවක් අද දවසේ ශ්‍රී ලාංකීය කලා කෙතට අහිමි හමාරය.බොල් කලාකරුවන් සිටින මෙවන් යුගයක මෙවැන්නන් රටට අහිමි වී යෑම බලවත් පාඩුවකි.
සදාදර ජෝ අබේවික්‍රම සිනමා වේදියාණෙනි...! අප දිනක තුං මං හන්දියේ දී මුණ ගැසෙමු.ඔබට නිවන් සුව.
No comments