ගල්ගමුවේ දළ පූට්‌ටුවාට" ඇතින්නියකගේ සෙනෙහස
කලාවැව රක්‍ෂිතයේදී අලි දෙදෙනකුගේ පහර කෑමට ලක්‌වූ zගල්ගමුවේ දළ පූට්‌ටුවා පෙරළා යළි එම අලියාට පහරදී එම අලියා සමග සිටි නාඹර වයසේ ඇතින්නියක සමග කලාවැව රක්‍ෂිතයෙන් බැහැරට පියමං කර අලුත් බළලුවැව රක්‍ෂිතයට පැමිණ ඇතැයි වයඹ වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඊයේ (7 දා) පස්‌වරුවේ පැවැසීය.
දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව දළ පූට්‌ටුවා යළි සුපුරුදු දින චර්යාවන්ට අවතීර්ණව ඇති බව පවසන වෛද්‍යවරයා ඇතා කලාවැව රක්ෂිතයට පැමිණි ගමන් මාර්ගය ඔස්‌සේ යළි ගල්ගමුව රක්‍ෂිතයට යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද පැවැසීය. ඊයේ (7 දා) පස්‌වරුව වන විට අලුත් බළලුවැව රක්‍ෂිතයේ ගල්කිරියාගම, හිඟුරුවැල්පිටිය දෙසින් ඇතා නිරීක්‍ෂණය කළ බවත් එතැනින් රැස්‌වෙහෙරටත් ඉන්පසු ඇතාගේ සුපුරුදු වාසභූමිය වන ගල්ගමුව රක්‍ෂිතයට තවත් දින කීපයකින් ඇතුළුවනු ඇති බවත්, ඇතාට කණවැල ඇල්ලීම සඳහා නාඹර ඇතින්නියක් මුණගැසී ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Divaina
කලාවැව රක්‍ෂිතයේදී අලි දෙදෙනකුගේ පහර කෑමට ලක්‌වූ zගල්ගමුවේ දළ පූට්‌ටුවා පෙරළා යළි එම අලියාට පහරදී එම අලියා සමග සිටි නාඹර වයසේ ඇතින්නියක සමග කලාවැව රක්‍ෂිතයෙන් බැහැරට පියමං කර අලුත් බළලුවැව රක්‍ෂිතයට පැමිණ ඇතැයි වයඹ වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඊයේ (7 දා) පස්‌වරුවේ පැවැසීය.දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව දළ පූට්‌ටුවා යළි සුපුරුදු දින චර්යාවන්ට අවතීර්ණව ඇති බව පවසන වෛද්‍යවරයා ඇතා කලාවැව රක්ෂිතයට පැමිණි ගමන් මාර්ගය ඔස්‌සේ යළි ගල්ගමුව රක්‍ෂිතයට යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද පැවැසීය. ඊයේ (7 දා) පස්‌වරුව වන විට අලුත් බළලුවැව රක්‍ෂිතයේ ගල්කිරියාගම, හිඟුරුවැල්පිටිය දෙසින් ඇතා නිරීක්‍ෂණය කළ බවත් එතැනින් රැස්‌වෙහෙරටත් ඉන්පසු ඇතාගේ සුපුරුදු වාසභූමිය වන ගල්ගමුව රක්‍ෂිතයට තවත් දින කීපයකින් ඇතුළුවනු ඇති බවත්, ඇතාට කණවැල ඇල්ලීම සඳහා නාඹර ඇතින්නියක් මුණගැසී ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Divaina
ගල්ගමුවේ දළ පූට්ටුවා
news sri lanka
Tuesday, November 8, 2011
සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරගන්නට රජය විවිධ කටයුතු රැසක් සිදුකරමින් තිබේ. එහෙත් ඒ ක්‍රියාමාර්ග තුළින් කොතෙක් දුරට සංචාරක ව්‍යාපාරය වර්ධනය වේ දැයි ගැටලුවකි. ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය සොබාදහමේ අපූර්වත්වයෙන් අනූන අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්නට නොහැකි වීම කනගාටුවට කරුණකි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළින් මුදල් ඉපයීම හරිහැටි නොකිරීම ප්‍රධාන ප්‍රශ්නයකි. ලොව ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්‌ථානවලදී සංචාරකයන්ට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට දී ඒවා හරහා මුදල් උපයා ගැනීම් සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස ඩිස්‌නිලන්තය ගතහොත් එහි සෑම විනෝදාස්‌වාද අවස්‌ථාවකදීම ඡායාරුප ගතකර ඒවා විකුණනු ලබයි. ලොව සෑම තැනම එලෙසය. ඒ හරහා විශාල මුදල් උපයා ගත හැක. සංචාරකයන්ට දේශීය ආහාර සිරිත් විරිත් රටට ආවේණික සතුන් ගහ කොල ආදී සියල්ල පිළිබඳ නිසි අවබෝධයක් සංචාරකයන්ට ලබාදී ඒ හරහා මුදල් වියදම් කර ඒ දේවල් ලබාගන්නට ඒවා රස විඳින්නට අවස්‌ථාව සැලසිය යුතුය.